ජනතා විමුක්ති පෙරමුණ මොන කතා කිව්වත් ඔවුන්ගේ ඉතිහාසය අමතක නොමැති බවත් ඔවුන් ඒ ඉතිහාසය අමතක කළාට ජනතාවට එම ඉතිහාසය අමතක නොමැති බවත් ඔවුන්ගේ කතාවලට කවුරුත් රැවටෙන්නේ නැති බවත් සමාජවාදය කිව්වට ලෝකෙ වටේ ගිහින් සල්ලි එකතු කරලා පක්ෂ අරමුදල තර කර ගෙන ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි චන්ද්‍රාණි බණ්ඩාර මහත්මිය පැවසීය.

ඇය මේ බව කියා සිටියේ පසුගිය දා අනුරාධපුර පැවැති සමගි ජන බලවේගයේ ගොවිජන ප්‍රකාශය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමිනි.

කෝටි 800කට ආසන්න වත්කමක් ජනතා විමුක්ති පෙරමුණ සතුව තිබුණත් ඔවුන් එම මුදල් රටේ දියුණුවට වියදම් නොකරන බවත් එම මුදල් සියල්ල තමන්ගේ පක්ෂය ප්‍රවර්ධනය කරන්න වියදම් කරන බවත් මෙවැනි නායකයන් රටට අවශ්‍ය නොමැති බවත් ඇය මෙහි දී පැවසුවාය.