මහියංගනයේ පොසොන් උත්සවයට සහභාගී වන ලෙස ආදීවාසි නායක ඌරුවරිගේ වන්නිලැත්තන් ජලනි ප්‍රේමදාස මහත්මියට සුහද ආරාධනයක් කර තිබෙනවා.
ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලැත්තන් ඊයේ (11) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස මහත්මිය හමුවීමට පැමිණ මෙවර මහියංගනයේ පැවැත්වෙන පොසොන් උත්සවයට සහභාගී වන ලෙස ආරාධනා කර තිබෙන බවයි සඳහන් වන්නේ.
ඒ අනුව එම ආරාධනය ජලනි ප්‍රේමදාස මහත්මිය ඉතාමත් ගෞරවාන්විතව භාර ගෙන ඇති අතර පොසොන් උත්සවය සඳහා යම් උපකාරයක් කිරීමටද එකඟත්වය පළකර තිබේ.
මෙහි දී ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලැත්තන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස මහත්මියගෙන්, මහියංගන ප්‍රදේශයේ ඇති පාරිසරික වටිනාකමින් යුත් ප්‍රදේශ වීඩියෝගත කිරීම සඳහා වීඩියෝ කැමරාවක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කර ඇති අතර එම ඉල්ලීමටද ඉතාමත් කාරුණිකව සවන් දුන් ජලනි ප්‍රේමදාස මහත්මිය නවීන වීඩියෝ කැමරාවක් ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලැත්තන්ට ලබා දීමට කටයුතු කළාය.