balavegaya 305617778 6408955432468943 2601903784694267742 n

ප්‍රබල ඉන්දීය කණ්ඩායම පරදවමින් ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවා.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (06) පැවැත්වෙන තරගයේදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළා.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ලකුණු 173ක් රැස් කළේය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට තරගය ජයගැනීම සඳහා ලකුණු 174ක ඉලක්කයක් හිමිවුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූ අතර ශ්‍රී ලංකා නායකයාගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී එලෙස ලකුණු 173ක් රැස් කරගැනීමට සමත්විය.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් නායක රෝහිත් ෂර්මා ලකුණු 72ක් රැස් කළ අතර සූර්යකුමාර් යාදව් ලකුණු 34ක් රැස් කළේය.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඩිල්ෂාන් මධුශංක කඩුලු 3ක් දවාගත් අතර චාමික කරුණාරත්න සහ නායක දසුන් ශානක කඩුලු 2ක බැගින් දවාගත්හ.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පන්දුවාරයේදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 57 ක්, පැතුම් නිස්සංක ලකුණු 52 ක් ලබා ගැනීමට සමත් වුණා. නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කල දසුන් ශානක නොදැවී ලකුණු 33ක් ලබාගත්තේ පන්දු 18කට පමණක් මුහුණ දෙමින්. භානුක රාජපක්ෂ නොදැවී ලකුණු 25යි.

ඒ අනුව ඉන්දියාවට එරෙහිව ලබාගත් ජයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීම සඳහා තවත් පියවරක් ඉදිරියට තැබුවා.