ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරී වසර තුන සඳහා රට ගොඩනැගීමට සැලසුම් තිබේ නම් එය ඉදිරීපත් කරන ලෙස සමගි ජන බලෙව්ගෙය් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.
ඔහු වැඩ වැඩිදුරටත් කියා සිටියේ,
“ගරු ජනාධිපතිතුමාගේ ධුර කාලය වසර අද වෙන විට වසර දෙකකින් අවසන් වෙලා පසුගිය කාලය දිහා බැලුවම අපිට පේනවා එම කාලය අසාර්ථක තැනක තිබෙන බව.එම නිසා තමයි ජනාධිපතිතුමා පහුගියදා ප්‍රකාශ කළේ ඉදිරි අවුරුදු තුන හොඳට කරනවා කියලා. ඒ කිව්වේ පසුගිය අවුරුදු දෙක ෆෙල් නිසා ඉදිරි අවුරුදු තුන හොදට කරනවා. එතුමා පිළිගන්නවා එතුමාගේ කාලයේ අසාර්ථක පාලනයක් රටේ සිදු වුණා” කියන එක බබ මන්ත්‍රීවරයා පැවසිය.
තව දුරටත් කියා සිටියේ,
ඉදිරී වසර තුනේ සැලසුම ඉදිරිපත් කරන්න
“අපි අහනවා ඉදිරි අවුරුදු තුන හොඳට කරන්න එතුමාට සැලැස්මක් තියෙනවද කියලා .තිබෙනවා නම් එය ඉදිරිපත් කරන්න එහෙම සැලැස්මක් නැහැ හොඳට කරනවා කියලා තීන්දු තීරණ අරගෙන තියෙනවද ඒකත් නැහැ ඉදිරි අවුරුදු තුන හොඳට කරනවා නම් පහුගිය අයවැය දී ඉදිරියට එන අවුරුදු තුන හොඳට කරන්න යෝජනා තියෙන්න ඕන. ආර්ථික සැලසුම් තියෙන්න ඕන, දේශපාලන තීන්දු තියෙන්න ඕන, කිසි දෙයක් නැතුව ජනාධිපතිතුමා මයික් එක ඉස්සරහට ඇවිත් කියනවා ඉදිරි අවුරුදු තුන හොඳට කරනවා කියලා .එහෙම කරන්න නම් එතුමා අතේ මැජික් පොල්ලක් තියෙන්න ඕන” බව පැවසීය .
මේ අදහස් දැක්වුයේ අද විපක්ෂ නායක කාර්යාලයේ දී ය.