ජනාධිපතිතුමා ඊයේ (10) කිව්වා පරණ අයට ඡන්දෙ දෙන්න එපා අලුත් බලවේගයකට දෙන්නෙ කියලා එවැනි බලවේගයක් වර්ථමානයේ තියෙන්නේ සමගි ජන බලවේගය පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා අද (11) විපක්ෂ නායක කාර්යාලයේ දී පැවසීය .

එහිදී ගෝඨාභය රජපක්ෂ ජනාධිපතිතුමා පරණ කෙනෙක් නොවන බවත් 69 ලක්ෂයක් ගිහිල්ලා ඡන්දය දුන්නේ අලුත් පුද්ගලයෙකුට බවත් ඡන්දෙ දීලා මාස 24කින් රටට වෙලා තියෙන දේ දැක ගත හැකි බව පැවසීය .

වැඩි දුරටත් අදහස් දැක් වූ මන්ත්‍රීවරයා. මෙහි අලුත් ද පරණ ද කියන එක ගැටලුවක් නොවෙයි එය තේරුම් ගන්න බැරි අයෙක්ට රට ගෙනියන්න බැහැ .ඒ සදහා සදාචාරයක් තිබිය යුතු බවත් හොරකමක් ,චෝදනාවක් නැති මිනිස්සුන්ට ඡන්දය ලබා දියයුතු බව පැවසීය .

වත්මන් රජයේ නම් කියන්න පුළුවන් ඇමතිවරුන්ට හා ප්‍රධාන පෙළේ හිටපු ලේකම්වරුන්ට චෝදනා තිබුණා ඒ අතර උසාවියේ නඩු පවරා තිබූ අයත් සිටියා මේ වනවිට ඔක්කොම අයින් කරගෙන ගිහින් තිබෙනවා. රට පාලනය කිරීමට පළමුව සදාචාරයත් තිබිය යුතුයි ඒ වගේම කිසිම චෝදනාවක් නැති හොරකමක්, වංචාවක් නොකළ අයෙක් විය යුතු බව පැවසීය .

අලුත් උනාට වැඩක් නැහැ දැනුමයි හැකියාවයි තියෙන්න ඕන ඒ දෙක නැත්නම් රටක් පාලනය කරන්න බැහැ. දේශපාලනික , සමාජයීය , ආර්ථික දැනුමක් තිබිය යුතුයි එය රටම කියන දෙයක් එය නැත්නම් කොහොමද රට පාලනය කරන්නේ යැයි මන්ත්‍රීවරයා පැවසීය.

ජනාධිපතිතුමාගේ එම කතාව අපේ පක්ෂයට කියපු දෙයක් බව හැගෙනවා හේතුව සමගි ජන බලවේගය අලුත් පිරිසක් ඉන්නේ අලුත් කියන්නේ දේශපාලනයේ සිටි නමුත් බලය තිබුණේ නැහැ අපිට කැබිනට් අමාත්‍යංශ තිබුණේ නැහැ එදා ආණ්ඩුවේ අපි හිටියේ පිටිපස්සේ සමගි ජන බලවේගය ඉන්න අය අලුත් සදාචාරයට, දැනුමට, හැකියාවට, මුල්තැන දෙන කණ්ඩායමක් බව වික්‍රමරත්න මහතා පැවසීය .