විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(20) පාර්ලිමේන්තුවේදී කරනු ලැබූ කරන ලද සම්පූර්ණ කතාව.

හැමෝම පිළිගන්නවා , මේ වර්තමාන රජයේ නිර්මාණය වුණු ප්‍රධානතම පදනම ජාතික ආරක්ෂාව. ඒක තමයි මේ ආණ්ඩුවේ ප්‍රධාන තේමාව වුණේ. අපි දකිනවා ජනාධිපතිතුමාගේ ප්‍රකාශයෙත් එතුමා කියනවා අපේ රජය ජාතික ආරක්ෂාව සුරක්ෂිත කොට තිබෙනවා. ගරු කථානායකතුමනි, විශේෂයෙන්ම ජාතික ආරක්ෂාව කියන මාතෘකාව ගැන කතා කරනකොට එය පුළුල් ආකාරයෙන් දකින්නත් පුළුවන්, පටු ආකාරයෙන් දකින්න පුළුවන්. ජනාධිපතිවරණයේ දී අපි බොහොම පැහැදිලිවම කිව්වා මේ ජාතික ආරක්ෂාව කියන මාතෘකාව පුළුල් ආකාරයෙන් අපි දකින්නට ඕනේ කියන කාරණය. අපි පුළුල් ආකාරයෙන් බැලුවොත්, ජාතික ආරක්ෂාවට මිලිටරිය ආරක්ෂාව වැදගත්, ආර්ථික ආරක්ෂාව වැදගත්, ජීවන උපාය ආරක්ෂාව වැදගත්, සෞඛ්‍ය ආරක්ෂාව වැදගත්, කෘෂිකාර්මික ආරක්ෂාව වැදගත්, ආර්ථික ආරක්ෂාව වැදගත්, අධ්‍යාපන ආරක්ෂාව වැදගත්,  ආහාර සුරක්ෂිතභාවය වැදගත්, බලශක්තිය ආරක්ෂාව වැදගත්, ඒ වගේම දේශපාලන ආරක්ෂාව වැදගත්. මෙන්න මේක තමයි ජාතික ආරක්ෂාව  ඉතින් මං බොහොම පැහැදිලිව මේ අවස්ථාවේදී කියන්න කැමතියි මේ හැම කොටසකින්ම මේ රජය අසාර්ථකයි. අපොහොසත් වෙලා තිබෙනවා ඉලක්ක සම්පූර්ණ කරන්න. කෙටියෙන් කියනවානම් ජනාධිපතිවරයා  ප්‍රමුඛ රජය සහමුලින්ම ෆේල්. 

ගරු කථානායකතුමනි අපි බලමු මිලටරි ආරක්ෂාව පිළිබඳව, විශේෂයෙන්ම මේ රජය පොරොන්දු වුණා පාස්කු ප්‍රහාරයේ සුලමුල හොයනවා කියලා. මහ මොළකරුවන් හොයාගන්නවා කියලා. ඒ අයට විරුද්ධව ගන්න තියෙන ඉහළම පියවර ගන්නවා කියලා. අද ඒ දේ කරලා තිබෙනවාද? පාස්කු ප්‍රහාරය තුළින් වැඩිම හානිය සිද්ධ වුණු කතෝලික ප්‍රජාව අද මේ රජය ක්‍රියාදාමය සහමුලින්ම ප්‍රතික්ෂේප කරනවා. කතෝලික ප්‍රජාව ගේ ආගමික නායකතුමා අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් මැතිතුමා සහමුලින්ම රජයේ වැඩපිළිවෙළ ප්‍රතික්ෂේප කරනවා. ඒ සියලු දෙනාම කියනවා පාස්කු ප්‍රහාරයේ සුලමුල හෙළි දරව් වෙන්නේ නැහැයි කියලා. පසුගිය දිනක all saints church එකේ සිදුවුණු ඒ ග්‍රෙනේඩ් සිද්ධිය තුළත්  මොකක්ද කාදිනල්තුමා කියන්නේ. ක්‍රමවේදය වැරැදියි. වැඩ කටයුතු කරන ආකාරය සැක සහිතයි. CCTV දර්ශන බලන්නේ හවස තුනෙන් පස්සේ පමණයි. උදේ ඉඳලා තිබුණු සීසීටීවී දර්ශන බැලූව ද නැද්ද කියන එක ගැන ගැටළුවක් තියෙනවා. ඉතිං මේ මිලිටරි සිකුරිටි ආරක්ෂාව දිහා බැලුවමත් අද මේ ආණ්ඩුව කෙරෙහි විශ්වාසයක් නැහැ. සම්පූර්ණයෙන්ම credibility  එක නැති කරගෙන තියෙනවා.

 ඒ වගේම ගරු කථානායකතුමනි අපි බලමු අද භූ දේශපාලනය. අද අපේ රට භූ දේශපාලනයේ ගොදුරක් බවට පත්වෙලා. විවිධ රටවල් වල බල අරගල වල ගොදුරක් බවට පත් වෙලා. අපේ මාතෘ භූමිය භූ දේශපාලනයේ කෙළිබිමක් බවට පත්වෙලා. භූ දේශපාලනයේ පාරාදීසයක් බවට පත්වෙලා. අපි හැමෝම දන්නවා ජනාධිපතිවරණයේදී එදා පොරොන්දු වුණා සෞභාග්‍යය ලන්තය. නමුත් අද රටේ නිර්මාණය වෙලා තියෙන්නෙ වෙන්දේසි ලන්තය. රට පුරාවටම තිබෙන රාජ්‍ය සම්පත, රාජ්‍ය දේපල, මහජන සම්පත, මහජන දේපල කුණු කොල්ලයට විදේශිකයින්ට විකුණලා අද යනවා ලෝක වටේ ඩොලර් හිඟමනේ.  මං අහන්න කැමතියි ගරු කතානායක තුමනි ඩොලර් හිඟමන යෑමද දේශප්‍රේමීත්වය, ඒකද දේශ ආලය, ඒකද දේශාභිමානය, මේ මේකද ජනතාවට පොරොන්දු වුණු මහා පෞරුෂත්වයකින් යුතු රාජ්‍ය පාලනය මං අහන්න කැමතියි. දැන් ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම මම මේ අවස්ථාවේදී  ඔය සියලු  දෙනාටම කියන්න කැමතියි ඇරිස්ටෝටල් කියලා තියෙනවා සියලු ආකාර දැනුමේ ආරම්භයයි. කරුණාකරලා ඒක අනුගමනය කරන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා. 

අපි බලමු ගරු කතානායකතුමනි, ආර්ථික ආරක්ෂාව පිළිබඳව. මම මේ ඉදිරිපත් කළ සියලුම ලේඛන ,සියලුම දත්ත හැන්සාඩ් ගත කරනවා. සභාගත කරනවා. අපිට මොනවද වෙලා තියෙන්නේ රටක් හැටියට, විදේශ ප්‍රේෂණ වල ගරු කතානායකතුමනි 48% කඩාවැටීමක් 2020 ත් 2021 සංසන්දනය කරනකොට 48% ක කඩාවැටීමක් අපේ රටේ සිද්ධ වෙලා තියෙනවා. ඒ තුළින් ආර්ථික ආරක්ෂාව  අපිට රටක් හැටියට අහිමි වෙලා තියෙනවා. අපි බලමු සෘජු විදේශීය ආයෝජන. 2017 ඇමරිකානු ඩොලර් මිලියන 1373 ක්, 2020 වෙනකොට හාරසිය තිස් හතයි. මන් දැක්කා බොහෝ කථිකයන් කතා කරනවා මුළු ලෝකයටම මේ කොවිඩ් වසංගතයට මුහුණ දෙන්න සිද්ධ වුණා.  ඒක ඇත්ත. අපි දැක්කා ජනාධිපතිවරයාත් එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ කියනවා  මුලු ලෝකයට එකවර බලපෑම් කල covid-19 ගෝලීය වසංගතයට අපටත් මුහුණ දෙන්නට සිදුවුණා. මෙම වසංගතය හේතුවෙන් ලෝකයේ දියුණු හා දියුණු වෙමින් පවතින සෑම රටකටම පාහේ දරුණු ආර්ථික අර්බුද වලට මුහුණ දෙන්නට සිද්ධ වුණා. ඔව් ඒක ඇත්ත. නමුත් ගරු කථානායකතුමනි අපේ රටේ සෘජු විදේශ ආයෝජන කඩාවැටෙන කොට පල්ලම් බහින කොට ඩොලර් මිලියන හාරසිය සීමාවට අපි වැටෙනකොට මොකද බංගලාදේශයේ උනේ? ඇමරිකානු ඩොලර් බිලියන 2.6 ක ආයෝජන, cambodia ව බිලියන 3.6 යි u.s. dollars. චීනයෙන් u.s. dollars බිලියන  149.99 , හොංකොං u.s. dollars බිලියන 119.1, ඉන්දියාව ඇමරිකානු ඩොලර් බිලියන 64.1යි, මැලේසියාව ඇමෙරිකානු ඩොලර් බිලියන 3.5 යි. සිංගප්පූරුව ඇමරිකානු ඩොලර් බිලියන අනුවයි දශම හයයි. වියට්නාමය ඇමෙරිකානු ඩොලර් බිලියන 15.8යි, අපේ රට මිලියන 400 යි. එතකොට මං අහන්න කැමතියි කොවිඩ් වසංගතය බංගලාදේශයට බලපෑවේ නැද්ද? කැම්බොඩියාවට බලපෑවේ නැද්ද? චීනයට බලපෑවේ නැද්ද? හොංකොං වලට බලපෑවේ නැද්ද? ඉන්දියාවට බලපෑවේ නැද්ද? මැලේසියාව කෑවෙ නැද්ද? සිංගප්පූරුවට බලපෑවේ නැද්ද? වියට්නාමයට බලපෑවේ නැද්ද? මොකක්ද මේ කරන බොරුව,  මොකක්ද මේ කරන විහිලුව , ඒ විතරක් නෙමෙයි ගරු කතානායකතුමනි 2021 තුන්වැනි කාර්තුවේ ආර්ථික වර්ධනය අපේ රට ඍණ 1.5 යි. ශ්‍රී ලංකාව. එතකොට කෝවිඩ් තිබුණු අනෙක් රටවල්. චීනය 4.9 යි. අපි  ඍණ 1.5 යි. ඍණ වේගය. චීන + 4.9. ඉන්දියාව + 8.4යි. පිලිපීනය 7.1යි. ඉන්දුනීසියාව 3.5 යි. ඇමරිකාව 2.3 යි. ඔක්කොම ප්ලස්. අපි විතරයි මයිනස්. අනෙක් රටවල් ධන. අපේ රට ඍණ. කොහොමද මේ තර්කය ගෙන එන්නේ කොවිඩ් නිසා මේ තත්වය ඇති වුණයි කියලා. covid නිසා මේ ප්‍රශ්නය ඇති වුනානම් ඒක බලපාන්න ඕන සියලුම රටවල් වලට. ඒ විතරක් නෙමෙයි ගරු කතානායකතුමනි , බලන්න අපේ සංචිත  2019 ජනාධිපතිවරණය අවසන් උනහම ඒ දෙසැම්බර් මාසයේ භාර දෙන කොට මිලියන හත්දාස් හයසීය තිස් නමයයි. දැන් 2021 දෙසැම්බර් වෙනකොට මොකද ආණ්ඩුව කියනවා 3138 කියලා හැබැයි ඒක ඇතුළෙ තියෙනවා යුවාන් ෂොප් එක ඩොලර් හැටියට දාලා. මං අහන්නේ කාවද මේ රවට්ටන්නේ රවට්ටන හදන්නේ ගරු කතානායකතුමනි. මොකක්ද මේ කරන සංඛ්‍යා ලේඛන ජිල්මාට් එක. මේ කාව රවට්ටල ද, කාට බොරු කරල ද, කාව අන්දවලා ද මේ රට විනාශ කරන්න හදන්නේ කියන එක මං අහන්න කැමතියි. එවගේම ගරු කථානායකතුමනි , ආපු හැටියෙම ඔබතුමන්ලා ගේ ආණ්ඩුව මොකක්ද කරේ ? කෝටිපතියන් ට, ප්‍රකෝටිපති යන්ට බදු සහන දුන්නා. බිලියන හය සීයත් 700 ත් අතර ප්‍රමාණයක් ගජ මිතුරන්ට කෝටිපති යන්ට බදු සහන දීලා මොකක්ද කරගත්තේ රාජ්‍ය ආදායම නැති කරගත්තා. දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට 2019 12.6 තිබුණ රාජ්‍ය ආදායම 9.2ට 2020දී වට්ටගත්තා. ඒකෙන් මොකද්ද උනේ. ඒකෙන් අපේ රටට බැරි වුණා අපේ ජනතාව බිහිකරපු ජනතාවාදී යැයි කියන ආණ්ඩුවට බැරි වුණා ආර්ථික උත්තේජක පැකේජයක් අපේ රටේ ජනතාවට ලබා දෙන්න. ඔය නිකං පන්දාහේ කෑලි දෙකක් දීලා මහලොකුවට මැතිවරණයට පෙර ඒවා ටික ලබා දීලා ලොකු චිත්‍රයක් මවා පෑවා රටදැය බේරගත්ත කියලා. කෝටිපති යන්ට බදු සහන දෙන්න සල්ලි තියෙනවා. නමුත් අර ලීසිං වාරිකය කපා හරින්න ඒවට සල්ලි නෑ. ලීසිං වාරිකය කපා හරින්නෙ නෑ. තාවකාලිකව නතර කරලා ඉදිරියට එකතු කරනවා තව ගිනි පොලියක් එක්ක. හැබැයි කෝටිපතියන් ට බිලියන හයසීයක් හත්සීයත් අතර සහන . එකෙන් මොකක්ද සිද්ද වුනේ?  අයවැය පරතරයක් වර්ධනය වුණා. දැන් මේ ආර්ථික විද්‍යාව ගැන අංශු මාත්‍රයක දැනුමක් තියෙනවනම් අයවැය පරතරය වැඩි වෙනකොට මොකක්ද වෙන්නේ උද්ධමනය වැඩි වෙනවා. ණය බර තාවය වැඩි වෙනවා. 2019 6.8 තිබුණ අය වැය පරතරය දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට 2020 වෙන විට වෙනවිට 6.8 ඉඳල දාහතර ට වැඩි වෙනවා. එතකොට අධික උද්ධමනයක් ඇති වෙනවා කියන එක අහන්නත් දෙයක්ද? ගරු කථානායකතුමනි ඔබතුමාට මතක ඇති. මං ප්‍ම ප්‍රශ්න ගණනාවක් ඉදිරිපත් කළ එවකට මුදල් රාජ්‍ය අමාත්‍ය වරයා දැන් වර්තමාන  මහ බැංකු අධිපතිතුමා මේ සභාවේ ඉන්නකොට. අපි කිව්වා fitch rating පහල වැටෙනකොට standard and poors ඒ tense පහළ වැටෙන කොට, moodings ratings පහළ වැටෙනකොට ඒක රටට අහිතකරයි කියලා මොනවද ඒ පැත්තෙන් කිව්වේ. ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කිව්වා. මේවා අංක ගණිත ජිල්මාට් කිව්වා. ඒගොල්ලො අපේ රටේ ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව හසුරවනවා වගේ හිතාගෙන ඉන්න ඇති මේ stand and poor ratings, fitch ratings  ඒගොල්ලො ගණන් හදනවා කියලා. මේ හිතාගෙන ඉන්නේ මේ අපේ රටේ ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ ක්‍රියාත්මක වන දේශපාලනික අංක ගණිත ජිල්මාට් එක එහෙත් කෙරෙනවා කියලා හිතාගෙන. දැන් මොකක්ද ඒකෙන් සිද්ධ වුණේ, ගරු කතානායකතුමනි මේ ආණ්ඩුවට අංශුමාත්‍රයකවත් දැනුමක් නැද්ද?ratings පහළ වැටෙන කොට ලෝකයාගේ තිබෙන විශ්වාසනීයත්වය අඩුවෙනවා කියලා. විශ්වාසනීයත්වය අඩු වෙනකොට ඍජු විදේශීය ආයෝජන අඩු වෙනවා. ඒ වගේම අපේ රටට ජාත්‍යන්තර capital markets වලට ප්‍රාග්ධන වෙළඳ පොලට ගිහිල්ලා අඩු පොලියට ණය ලබා ලබාගැනීමේ අවස්ථාව නැති වෙනවා. එය නැති වීම තමයි අද අපි විඳින්නේ. තමුන්නාන්සේලා නෙමෙයි විඳින්නේ. ජනාධිපතිවරයා, අගමැතිවරයා, කැබිනට් මණ්ඩලය, මන්ත්‍රීවරුන් ප්‍රමුඛ මේ පාර්ලිමේන්තුවේ 225 නෙමේ,  මේක විදින්නේ ලක්ෂ දෙසීය විස්සක් වූ රටේ ජනතාව.  සාමාන්‍ය  ජනතාව. ප්‍රභූ නොවන පැලැන්තිය. මහ පොළොවට පය ගහලා ගහල ජීවත් වෙන අය. කැටි වලාකුළු වල  කිනිති වලාකුළු වල ලතවන ඇත්තෝ නොවේ. රජ මාලිගා වල රජ ජීවිත සුර සැප ,රජ සැපත ලබන අය නෙමෙයි. නමුත් මේවා ගැන කතා කරනකොට හිනා උනා. ඇයි හිනා උනේ මහලොකුවට බලයට ආවේ oracle එකෙන් කරනවයි කියල නේ.  දැන් මේ oracle එකෙන් කරපු හරිය නේද? ගරු කතානායකතුමනි ඒ විතරක් නෙමෙයි අද බලන්න උද්ධමන වේගය ට මොකක්ද වෙලා තියෙන්නේ , 2020 4.6% ට තිබුණු උදධමනය ජීවන වියදම ජීවන බර 2021 වෙනකොට 12.1 දක්වා වර්ධනය වෙලා. 12.1 ට ආර්ථික උද්ධමනය වර්ධනය වන කොට ආහාරවල උද්ධමනය වැඩිවීම සියයට විස්සකට වැඩිය වැඩි වෙලා තියනවා. දැන් ඔබතුමාට පේනවා ඇති , එම පාරේ ගමන් කරනකොට අර 70 77 කාලෙ වගේ දැන් ආශ්චර්ය මහිමය බලාගන්න පුළුවන්. සෞභාග්‍යයේ ප්‍රතිලාභ, ප්‍රතිඵල බලන්නට පුළුවන්.  සිමෙන්ති පෝලිම දැන් සිමෙන්ති දැන් මේ කූපන් ක්‍රමයට, කාඩ් ක්‍රමයට. මදැයි මේ ora kal ක්‍රමයට රට ගොඩනගන්න හැදුවා. biotech ශ්‍රී ලංකාවක් ගොඩ නගන්න හැදුවා. මහලොකුවට කතාකලේ කෘතීම බුද්ධිය ගැන. හාල් පෝලිම, පරිප්පු පෝලිම, සීනි පෝලිම ඒ පැත්තෙන් ජනතාවට පෝලිම. මේ පැත්තෙන් සීනි ගසාකෑම, පොල්තෙල් ගසාකෑම. සුදුලූණු වලිනුත් ගැහුවනේ.  ගෑස් පෝලිම , . ඔබතුමා දන්නවද ගරු කතානායකතුමනි අද දියර කෑන් එකක් පුපුරනවා. දැන් ඔබතුමන්ලා බලයට ආවේත් පිපිරීම තුළින, පිපිරීම විකුණලා නේ.පාස්කු ප්‍රහාරය විකුණලා තමයි බලයට ආවේ. බලයට ආවේ මොනවද කියලද? පුපුරන එක නතර කරනවා කියලා. දැන් හැමතැනම පිපිරෙනවා. දැන් ජීවිතත් පිපිරෙනවා. හදවත පිපිරෙනවා. ජනතාවත් පිරෙනවා . හැබැයි ඔබතුමාලට සුර සැප. ඔබතුමාලගේ කිසිවක් පිරීමක් වෙන්නෑ  . මොකද ඔබතුමාට ගිහිල්ලා පෝලිමේ ඉන්නවද ? පෝලිමේ ඉන්න මිනිස්සුන්ට තමයි. ඔබතුමා අවසර දෙනවා නම් මගේ ෆෝන් එකේ තියෙනවා මිනිස්සු කියන කතා. කාලකන්නි තීන්දුවක් ලු ගත්තේ.   මහපොළොව රුස්සන්නේ නැති තීන්දුවක් ලු ගත්තේ. මේ මිනිස්සු කියන්නේ. මිනිස්සුන්ව කාලකන්නි කරවලා. දැන් මං අද දැක්කා එක මහත්තයෙක් කියනවා මුහුණවත් හෝදන්නේවත් නැතුවයි මහත්තයෝ අපි අද හැට නම ලක්ෂයත් එක්ක ඡන්දෙ දුන්නෙ කියලා. මූණ හේදුවේ ත් නැහැල්ලු. මිනිස්සු විඳින දුක එක තේරෙන්නේ නැද්ද. මිනිසුන්ගේ දුක, කඳුළ, වේදනාව තේරෙන නහර ටික මේ ආණ්ඩුවෙ කැපිල ද ? ඒවා දැනෙන්නෙ නැද්ද? තමන්ට තනතුරු, වරදාන වරප්‍රසාද ලබා ගන්නට විතරක් හැට නම ලක්ෂය ඇතිද? මං අහන්න කැමතියි ගරු කතානායකතුමනි.

ඒ වගේම අපි පොඩ්ඩක් බලමු තවත් දැනෙන ආර්ථික ආරක්ෂක ප්‍රශ්නයක්.  විරැකියාව. ඔබතුමා දන්නවද 2019 සිට 2020 දක්වා ඒ කාල වකවානුව මරනකොට විරැකියා ප්‍රතිශතය වැඩි වෙලා. 4.8 සිට 5.5 දක්වා වැඩි වෙලා. ඒ විතරක් නෙමේ labour force participation විශේෂයෙන්ම රටේ ආර්ථිකය කම්කරු සහභාගිත්වය කම්කරු ප්‍රජාව ගේ සහභාගීත්වය 50.6% යි සිට සියයට 49.5% දක්වා  අඩුවෙලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි අපේ රටේ අපනයන කඩාවැටිලා. ප්‍රේෂණ කඩා කඩාවැටිල. සංචාරක ක්ෂේත්‍රය  කඩා වැටිලා. හැබැයි අපි සතුටු වෙනවා දැන් ක්‍රමක්‍රමයෙන් සංචාරක ක්ෂේත්‍රයේ ඉහළ යෑමක් තිබෙනවා. හොඳ දෙයක් වෙන කොට අපිට සතුටුයි. තමුන්නාන්සේලාගේ රජය ඉන්දියාවෙන් ඩොලර් හිඟා කනකොට ඉන්දියාවෙන් අපෙන් අහනවා මෙහෙම කරාට කමක් නැද්ද කියලා. මේවා කරාට කමක් නැද්ද කියලා අපෙන් අහනවා. අපි කියනවා කමක් නෑ.මොකද අපි කැමති නෑ අපේ රටේ ලක්ෂ දෙසිය විස්සක් වූ ජනතාව විඳවන්න. අපට වුවමනාවක් නෑ අපේ රටේ ජනතාව කළුවරේ තබන්න. අන්ධකාරයේ තබන්න.ලයිට් නැතුව. කිසිසේත්ම කාලකන්නි සතුටක් ලබන්නේ නෑ. මේ රටට අවශ්‍ය ඉන්ධන ටික නොලැබෙන කොට අපි කාලකන්නි සතුටක් ලබා  නෑ ගරු කථානායකතුමනි. අද උදේ වරුවේ අහමඩ් සාන්තුවරයා බ්‍රිතාන්‍යයේ වෙළද ක්ෂේත්‍රය  භාරව ඇමතිවරයෙක් . උදේ පැය කිහිපයකට පෙර මාව හමු වුණා. එතුමා අපෙන් අහනවා මොන වගේ දෙයක්ද සිදු වෙන්න ඕනේ. එතකොට අපි කියනවා පුළුවන් තරම් අපේ රටට, මාතෘභූමියට ආධාර උපකාර කරන්න. ඒ ශක්තිය ලබා දෙන්න. ඔය ගරු කතානායකතුමනි නිර්ව්‍යාජ දේශප්‍රේමීත්වය කියන්නේ . කාඩ්බෝඩ් දේශප්‍රේමීත්වය නෙමෙයි. යුරෝපා හවුල ජීඑස්පී ප්ලස් සහනය ලබාදෙන මාතෘකාව ගැන කතා කරනකොට අපි කිව්වේ දිගටම ලබාදෙන්න. අපේ සූදානමක් නෑ මේ රටේ ජනතාව විනාස කරලා, ජනතාවට වින කරලා, දේශපාලන ජයග්‍රහණය වෙනත් ජයග්‍රහණ ලබාගන්න. 

කථානායකතුමනි මෙන්න මේ කරුණු කාරණා දිහා බලනකොට ඇත්ත වශයෙන්ම අපේ රටේ ආර්ථික අනාරක්ෂිත භාවයක් දැඩි දැඩි ලෙස තිබෙනවා. මේවට විසඳුම් අවශ්‍යයි. බොහෝ දෙනෙක් අහනවා විසඳුම් ගැන. විසදුම් ගැන කතා කරනකොට  ගරු කතානායකතුමනි , ගොනාට  රතු රෙද්ද  පෙන්නනකොට ගොනා යනවා රතු රෙද්ද , නැත්තං කහ රෙද්ද පස්සේ නැත්නම් නිල් රෙද්ද පස්සේ. නිකන් පිස්සුවට වගේ යනවා අනින්න. ඒ වගේ  උන්මත්තක විදියට මේ රටේ ප්‍රශ්න වලට විසඳුම් හොයන්න බැහැ . වර්තමාන තත්ත්වය හොඳින් විශ්ලේෂණය කරලා, අවබෝධ කරලා, විශේෂඥයින්, අධ්‍යාපනඥයින් ,  ක්ෂේත්‍රය පිළිබඳව ප්‍රවීණයින්, විශ්වවිද්‍යාල මහාචාර්ය ආචාර්ය කථිකාචාර්යවරුන්, කළ හැකි පළපුරුද්ද ,දැක පුරුද්ද ඔය හැම පුරුද්දක්ම තියෙන  හැමෝමත් එක්කම සන්සුන් මනසකින් මේවා පිළිබඳව සාකච්ඡා කරලා තමයි විසඳුම් ලබා දෙන්න පුළුවන්. මොනවද විසඳුම්.  මේ ආර්ථික ගැටළුවට. සාර්ව ආර්ථික ක්‍රමවේදය සහ ක්‍රමෝපාය වෙනස්කම් සිදු කරන්නට ඕන. අපි අනිවාර්යයෙන්ම ආර්ථික වර්ධන වේගය වැඩි කරන්නට ඕනේ. උද්ධමනය අඩු කරන්නට ඕනේ. විරැකියාව අඩු කරන්නට ඕනේ. අයවැය පරතරය අඩු කරන්න ඕනේ. අන්න ඒ කාරණා අපේ ඉෂ්ට කරන්න ඕනේ. විශේෂයෙන්ම ද්විපාර්ශවීය ණය අපට ලබා දීපු ඒ පාර්ශව සමඟ නැවත සාකච්ඡා කරලා අපි reschedule කරගන්න ඕනේ, කාලසටහන වෙනස් කරගන්න ඕනේ. ඒක ගරු කථානායකතුමනි ලිංමැඩි සංකල්පයක ඉඳගෙන ලෝකයත් එක්ක කතා කරන්නැතුව ලෝකයත් එක්ක තරහ වෙලා ලෝකයත් එක්ක රණ්ඩු රණ්ඩු වෙලා බොරුවට රටට වීරත්වයක්, සූරත්වයක් රටට ප්‍රදර්ශනය කරලා ඒක කරන්න බෑ. සාකච්ඡා කරන්න ඕනේ කතා කරන්න ඕනේ. කරගෙන හැම දෙයක්ම කොන්ද කෙළින් තියාගෙන අපේ කම, ගමේ කම, නගරෙකම, සංස්කෘතිය, සභ්‍යත්වය මේ හැම දෙයක්ම රැකගෙන සැබෑ දේශප්‍රේමිත්වයෙන් ඉෂ්ට කරන්න ඕනේ. අනිත් එක ගරු කතානායකතුමනි we have to improve the ratings. ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමෙන් අපි උසස් තැනකට ඇවිල්ලා අපි කොහොම හරි අර ප්‍රාග්ධන වෙළඳපොළ ට, ණය වෙළඳ පොලට ගිහිල්ලා රටට සහනයක් ලබා දෙන අඩු පොලී ණය ලබාගැනීමේ තත්ත්වයට අපි එන්නට ඕන. නිවාඩ් කබ්රාල් මැතිතුමා මොනවා කිව්වත් fitch reach ratings ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර් rating මේ ratings අතිශයින් ම බලපානවා අපේ රටට ණය ලබා ලබාගැනීමේ හැකියාව තීන්දු කරන්න. මේ රටට ඍජු විදේශීය ආයෝජන ආගමනය ගැන ඒක ලොකු සාධකයක් වෙනවා ගරු කතානායකතුමනි. ඒ වගේම අපි අවතීර්ණ වන්නට ඕනේ exporter economic growth pattern  එකකට. අපනයන කේන්ද්‍රය ආර්ථික සංවර්ධන වැඩසටහනකට අපි අපේ රට ප්‍රධානතමආයෝජන කේන්ද්‍රස්ථානයක් කරන්නට ඕනේ. තවත් බොහොම ඉක්මන් ක්‍රමයක් තියෙනවා අපේ රටට විදේශ විනිමය ලබා ගන්න. ඒ  තමයි මෙරටින් හොරාකාපු සල්ලි ටික ඩොලර් ටික තියෙනවා අර pandora papers වල මොනවද සිදුවුණේ කියලා. සල්ලි ටික ගේන්න . එතකොට අපිට අවශ්‍ය නෑනේ ඉන්දියාවෙන් ඉල්ලන්න. අවශ්‍ය නෑනේ චීනයෙන් ඉල්ලන්න.  අපිට අවශ්‍ය නෑනෙ ඩොලර් හිඟමනේ යන්න. ඉතින් ඩොලර් හිඟමනේ යන එක නතර කරන්න පුළුවන් තමයි හොඳම ක්‍රමවේදයක් තමයි අර pandora paper. අපි හැමෝම දන්නවා. රටටම ලෝකයටම කිව්වා. ඒ ඩොලර් කොහෙද තියෙන්නේ, කොහොමද, කොහෙද ගියේ ,කියන කාරණය අන්න ඒ ටික ගෙන්න ගත්තොත් මේ  ආණ්ඩුව විදේශ විනිම සංචිතය තර කරගන්න පුළුවන්.  ඒ වගේම මම ඔබතුමාගේ අවධානය යොමු කරන්නට කැමතියි බලන්නට පොඩ්ඩක් වියට්නාමය කොහොමද දියුණු උනේ. වියට්නාමය ලෝකයේ තියෙන ප්‍රධානතම ආයෝජන ආයතන සම්බන්ධ කරගෙන ඒක රටේ දියුනුවේ කොටස්කරුවන් බවට පත් කරා. මම ආණ්ඩුවට කියනවා පොඩ්ඩක් කියවල බලන්න වියට්නාමය samson ආයතනය සමග සම්බන්ධ කරගෙන ඒ නිර්මාණය කරපු ඒ ආර්ථික වර්ධනය. ආර්ථික දැක්ම. මං දැක්කා ඔබතුමා දීලා තියෙනවා details වැඩිපුර පුස්තකාලයේ කියවන්නෙ මේ නවකතා කියලා. නවකතා නෙමෙයි මේ වියට්නාමය කතාව පොඩ්ඩක් කියවන්න. කොහොමද samson එක්ක එකට බද්ධ වෙලා වියට්නාමය ශක්තිය ලැබෙයි කියන කාරණය. දැන් අද වෙනකොට කතානායකතුමනි අපට අද ලොකු අවස්ථාවක් තියෙනවා. ඔබතුමාත් දන්නවා ඇති ඉලොන් මස්ක් කියනන ලෝකයේ දානපති පුද්ගලයෙක් ඉලෙක්ට්‍රොනික් කාර් නිපදවන. එයා යම්කිසි කලකිරීමකට ලක්වෙලා තියනවා ඉන්දියාවෙන් අවශ්‍ය පහසුකම් ලබාදීලා නැහැ කියන කාරණයට. ඇයි අපිට බැරි ඉලොන් master කතා කරලා දෙන්න තියෙන උපරිම සහන ටික ලබා දීලා මේ ඉලෙක්ට්‍රොනික් කාර් නිපදවන ෆැක්ටරිය අපේ රටට ලබාගන්න. මගේ පියා හිටිය නං අද ඒක කරනවා. ඇඟලුම් කම්හල් දෙසිය ශක්තිමත්ව , දෙපැත්ත පත්තුවෙන විලක්කුවක් තුළ  ක්‍රියාත්මක කළා රා සේ අද එතුමා හිටියේ නම් අනිවාර්යයෙන්ම ඉලොන් මස්ක් ගෙන්වනවා අපේ රටට. අපිටත් ඒ දේ පුළුවන්. ඔබතුමා දන්නවද මේ කොවිඩ් ආරම්භ වුණු මොහොතේ විශේෂයෙන් ම චීනයෙන් investment outflow  එකක්, ආයෝජන පිටත යෑමක් සිදු වෙනකොට මෝදි අග්‍රාමාත්‍යතුමා, අග්‍රාමාත්‍ය කාර්යාලයේ වෙනමම ඒකකයක් ස්ථාපනය කරලා  ඒ ආයෝජන ටික ඉන්දියාවට ගෙන්නන්න ට හැදුව. වියට්නාමය, cambodia ව එහෙම කරා. ඉන්දුනීසියාවත් එහෙම කරා. එහෙම කරනවට අපේ රට මොනවද කරේ ? මමත් කළේ නැහැ. අපේ රට තුළ ජාතිභේදය ,ජාතිවාදය ,  ආගම්වාදය, අන්තවාදය මේවා පාවිච්චි කරලා කෝවිඩ් උපයෝගී කරගෙන මේ රටේ ඉස්ලාමීය ප්‍රජාවත් තලා පෙලා ,පොඩි කරල කුඩුපට්ටම් කරලා දේශපාලන ජයග්‍රහණ ලබා ගන්නටයි කටයුතු කෙරේ. 

කථානායකතුමනි අදවනවිට අපේ ආර්ථික  එන්ජිම වන සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත මහා මුලින්ම අනාථ වෙලා. කබ්‍රාල් මැතිතුමා ලොකුවට කිව්වා තමන්ගේ road map එක හදනකොට මාස හයට රටේ නීතිය අනුව දේපළ පවරා ගැනීමේ නීතිය ක්‍රියාත්මක කරන්නේ නැහැ කියලා. නමුත් අද වෙලා තියෙන්නේ මොකක්ද මේ නියෝගය වානිජ  බැංකු හා මූල්‍ය ආයතන නොසලකා හරිමින් සිටිනවා. දැන් මොකද්ද වෙලා තියෙන්නෙ මේ  නීතිය හරහා මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ දේපල සතියකට විස්සකට වඩා වැඩියෙන් පවරා ගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. මං හැන්සාඩ් ගත කරනවා සභාගත කරනවා මහේන්ද්‍ර පෙරේරා සභාපති දේශීය ව්‍යාපාර සුරැකීමේ. මේ එතුමන්ලාගේ අඳෝනාව. මේ රටේ ආර්ථික එන්ජිම.  සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්. කොහොමද 2019 ජනාධිපති ව්‍යාපාරයේදී එයට සැලකුවේ. සම්මන්ත්‍රණ පැවැත්වුවා, වියතුන් ඇවිල්ලා හොඳට කතා කළා.oracle ඇවිල්ලා artificial intelligence සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත දියුණු කරනවා කිව්වා. දැන් මොනවද වෙලා තියෙන්නෙ අද oracle එක artificial intelligent කෙසේ වෙතත් මේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට සිදු වෙලා තිබෙන්නේ දුක කඳුළ වේදනාව සහ ජීවත්වෙන බැරිකම. ඒකයි අද යතාර්තය. 

to කතානායකතුමනි ජාතික ආරක්ෂාව වගේම ඒ ගැන කතා කරනකොට ජීවනෝපාය ආරක්ෂාව අද යොවුන් පරපුර දස දහස් ගණනින් රටේ තිබෙන අන්ධකාරයෙන් වෙනත් රටවල් වල ආලෝකය කරා යනවා. විරැකියා ප්‍රතිශතය 5% දක්වා වැඩිවෙලා. කර්මාන්තශාලා වැහෙනවා. මම කියපු ආකාරයට ගොඩාක් කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාන්ත ශාලා වසායකයින්  අන්ත අසරණ භාවයට පත්වෙලා. ස්වයං රැකියා කඩාවැටිලා. උද්ධමනය තුළ රුපියල් රුපියලේ purchasing power එක ක්‍රය ශක්තිය නැති වෙලා. වැයකල හැකි ආදායම පලදු වෙලා. Net income අඩුවෙලා. එන්න එන්නම දරිද්රතාවය වර්ධනය වෙලා.

 ඒ වගේම ජාතික ආරක්ෂාව ගැන කතා කරනකොට සෞඛ්‍ය ආරක්ෂාව ඉතා වැදගත්. ජාතික ආරක්ෂාවේ වැදගත් කොටසක්. එන්න අපිට ඇහෙනවා අපේ ප්‍රතිවාදී පාර්ශවය කෝවිඩ් ප්‍රශ්න දේ හොඳටම කරයි කියලා. මං අහන්න කැමතියි ගරු කතානායකතුමනි මං සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරනවා බලාගන්න පුළුවන් හොඳටම කරාද හොඳටම නොකර ද කියලා. ගරු කතානායකතුමනි මේ covid ප්‍රශ්නය පිළිබඳව මමත් සමග ජන බලවේගයත් පමණයි මුලින්ම අනතුරු ඇඟවීම කලේ. ඔය ඔබතුමා ඇදගෙන ඉන්න face mask එක ගැන කතා කරනකොට හිනා උනා. මේ දෙන්න අවශ්‍ය නැහැ කිව්වා අපේ රටේ ජනතාවට. රටට ඇතුළුවීමේ ආරක්ෂාව ගැන බලන්නේ කිව්වහම හිනා උනා. විදේශීය රටවල් තරහා කරගන්න එපා කිව්වා. බෙහෙත් හේත් ගැන කතා කරනකොට ඔලමොට්ටල කොට්ඨාසයක් තමන්ගේ සමාජ ජාලා හරහා විහිළුතහළු කරා. එහෙම විහිලු තහලු කරපු ඇත්තෝ තීන්දු කරා මුට්ටි ගඟට දාලා covit නතර කරන්න. මිථ්‍යා පැණියකින් කොවිඩ් නතර කරන්න. අපි කිව්වා වහාම එන්නත් ටික ඇනවුම් කරන කියලා. දැන් මොකක්ද එකේ පලවිපාක. මොකක්ද vaccine එක පරක්කු වීමේ වීමෙන් ඵල විපාකය ගරු කථානායකතුමනි. මට ලැබී තිබෙන සංඛ්‍යාලේඛන. මම  අද උදේ මේක ඩවුන්ලෝඩ් කරගත්තේ. 15243 ක් ජීවිත අහිමි වෙලා තිබෙනවා.  15243 කිව්වාම මේ මරණ ප්‍රතිශතය අපි පොඩ්ඩක් සංසන්දනය කරමු. ජනගහනය ට සාපේක්ෂව මරණ ප්‍රතිශතය දිහා බැලුවහම global ලෝකයේ ප්‍රතිශතය 1.65 යි. බ්‍රසීලය ඉහළින්ම ඉන්නවා 2.66. අපි ඉන්නවා දෙකට. මරණ ප්‍රතිශතය 2.55යි. අපිට අඩුවෙන් ඉන්නවා ඉන්දියාවේ 1.28. ඇමරිකාවේ 1.26යි. එංගලන්තයේ .99යි.  ප්‍රංශය .84 යි. එතකොට ශ්‍රී ලංකාව 2.55 යි. එතකොට ලෝකයේ සාමාන්‍ය ටත් වැඩිය ගිහිල්ලා කොහොමද ගරු කතානායකතුමනි කියන්නේ හොඳටම කරයි කියලා. මූ කතානායකතුමනි මම තවත් සංඛ්‍යාලේඛනය කියන්නම්. මිලියනයකට සාපේක්ෂව ලෝකයේ705යි. ආසියාවේ සාමාන්‍ය 273යි. අඩු මධ්‍ය ආදායම් රටවල් වල සාමාන්‍යයෙන් 364යි. ශ්‍රී ලංකාව 708යි. ඉන්දියාවේ 350යි. නේපාලයේ 392යි. බංගලාදේශයේ  169යි. 129යි. ඉන්දුනීසියාවේ 522යි. පිලිපීනයේ 477යි. තායිලන්තයේ 313යි. මම ඒක හැන්සාඩ් ගත කරනවා සභාගත කරනවා හැමෝගෙම දැනගැනීම උදෙසා. ලෝකයේ සාමාන්‍ය අගය ටත් වඩා අපි වැඩියි. කොහොමද ගරු කතානායකතුමනි හොඳටම කරයි කියන්නේ. මම සතුටින් කියන්නට ඕනේ සමගි ජන බලවේගය අපි කරන්නා වූ සාධනීය දනාත්මක, හරාත්මක, ගුණාත්මක ප්‍රගතිශීලී විවේචන තුළ අපිත් ආරම්භ කරා හුස්මක් වැඩසටහන. ඒ හුස්මක් වැඩසටහන තුළින් මේ වන විට රාජ්‍ය රෝහල් හතලිහකට, ලක්ෂ 1150 ක මිලියන 115 ක ආධාර උපකාර අප සමග අපේ සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ, සංවිධායකවරුන්ගේ, දිස්ත්‍රික් සංවිධායකවරුන්ගේ, සම සංවිධායකවරුන්ගේ, සහාය සංවිධායකවරුන්ගේ, පාක්ෂිකයින්ගේ, සාමාජිකයින්ගේ, දෙස් විදෙස් දානපතියන්ගේ, අපේ පිටරට ශාඛා වල දායකත්වයෙන් මිලියන 115 ක 115 ක ලක්ෂ 1150 ක රෝහල් උපකරණ රටේ රාජ්‍ය රෝහල් පද්ධතියට මේ රටට හුස්මක් ලබා දෙන්නට මේ රටේ මිනිස්සුන්ගේ ජීවිත රැක ගන්නට අපි පරිත්‍යාග කරා කියන්නට මම ඉතාමත්ම අභිමානයෙන් ප්‍රකාශ කරනවා. මෙරට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ඉතිහාසය තුළ කිසිම විපක්ෂයක් මේ රටේ ඉතිහාසයේ සිදු නොකරපු දෙයක්. මේ අලුත් වැඩ. අලුත් ප්‍රශ්න වලට අලුත් ගමනකට අලුත් වැඩක්. අලුත් ක්‍රියාදාමයක්. 

ඒ වගේම ගරු කථානායකතුමනි විශේෂයෙන්ම සෞඛ්‍ය ආරක්ෂාව ජාතික ආරක්ෂාවත් වගේම අධ්‍යාපන ආරක්ෂාව. අධ්‍යාපන ක්ෂේත්‍රය වැදගත් ජාතික ආරක්ෂාවට. ගරු කතානායකතුමනි  ඔබ හොඳින් දන්නවා. ඔන්ලයින් අධ්‍යාපනය තුළ රට ෆේල්. distance learning දුරස්ථ අධ්‍යාපනය තුළ රට ෆේල්. අපේ දුවා දරුවන්ට සිග්නල් ලබාගන්න පර්වත තරණය කරන්නට උනා. කඳු නගින්නට ඕනේ. වහලවල් උඩ නගින්නට ඕනි. අපේ රටේ ගරු කතානායකතුමනි ඩිජිටල් බෙදීමක් තියෙනවා. ගරු කථානායකතුමා දන්නවද ඔන්ලයින් දේශපාලනය සාර්ථකත්වය ලැබුවේ අපේ රටේ සිසු ජනගහනයෙන් සීයට දහයක් පමණයි. පාසල් යන වයසේ සිට ඉන්න දූ දරුවන්ට එය උපකරණ වලට උපකරණ තිබෙන්නේ අපේ රටේ සිසු ජනගහනයෙන් සියයට 35 කට අඩු ප්‍රමාණයක් . ඉන්ටර්නෙට් පහසුකම තිබෙන්නේ සියයට හතළිහකට අඩු ප්‍රමාණයකට. මම එතනදී කියන්න ඕනේ ගරු කථානායකතුමනි අපි විපක්ෂයක් හැටියට අපි අපේ ප්‍රතිපත්තිය ඩිජිටල් ආර්ථික වර්ධනය වේගවත් කිරීමේ වැඩසටහනක් සමගි ජන බලවේගයේ එලි දැක් වූවා පමණක් නොවේ සක්වල වැඩසටහන තුළින් විශේෂයෙන්ම උපකරණ හිඟයක් තිබෙන සම්පත් ඌනතාවයෙන් පෙළෙන පාසල් පද්ධතියට සක්වල වැඩසටහන තුළින් අධ්‍යාපනය ශක්තිමත් කිරීමේ තොරතුරු තාක්ෂණ සහ සන්නිවේදන සාක්ෂරතාවය පරිගණක විද්‍යා සාක්ෂරතාවය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් අපි ආරම්භ කරලා තිබෙනවා. මං ඔබතුමාට කියන්නට කැමතියි පළවෙනි සක්වල වැඩසටහන අපි ලබා දුන්නේ මම නමින්ම කියන්නම් බෝදාගම මහා විද්‍යාලයට. කණගාටුයි ගරු කතානායකතුමනි දරුවෝ හයසියයක් හත්සියයක් පමණ ඉන්නවා ඒ පාසලේ. කම්පියුටර් වැඩ කරේ නෑ  ඒ ගුරුතුමිය තමන්ගෙ ටැබ් එක අරගෙන ඇවිල්ල ටැබ් එකෙන් තමයි දුවා දරුවන්ට තොරතුරු තාක්ෂණය ඉගැන්නුවෙ. මෙන්න වසර දෙකකට පසු පොරොන්දු වුණු තොරතුරු තාක්ෂණයේ විප්ලවයේ මහිමය. ගරු කතානායකතුමනි අධ්‍යාපන ආරක්ෂාව වගේම මං කැමතියි ඔබතුමාගේ අවධානය යොමු කරන්න ජාතික ආරක්ෂාවට බලපාන කෘෂිකාර්මික ආරක්ෂාව.  මොකක්ද අද සිද්ධ වෙලා තිබෙන්නේ. තේ වගාව. තේ වගාවේ 50% ක අඩුවීමක්. ඇමරිකානු ඩොලර් මිලියන 700 ක අහිමිවීමක්. ඔබතුමා හොඳින් දන්නවා මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරන පුද්ගලයෙක් හැටියට මේ රටේ කුඩා තේවතු හිමියන් ඉන්නවා ලක්ෂ හතරක්. මේ සියලු දෙනාගේම ජීවනෝපාය අද කඩාවැටිලා. වී ගොවියා ට මොකක්ද සිද්ද වෙලා තියෙන්නෙ. වී ගොවිතැනේ නියැලෙන ලක්ෂ දහ අටක් ඉන්නවා ගොවි පවුල් ඇත්තවශයෙන්ම 2020 මෙට්‍රික් ටොන් ලක්ෂ හතළිස් එකක් අපේ රටේ නිෂ්පාදනය. ඒකෙ වටිනාකම රුපියල් බිලියන දෙසීය පනස් දෙකක්.  අද ඇස්තමේන්තු කරනවා වී නිෂ්පාදනය මං මේ කියන්නේ අවම ගාන 30% ක අඩුවීමක්. රටට අහිමි වීම රුපියල් බිලියන 75ක්.  ගරු කථානායකතුමනි , වසරක සහල් පරිභෝජනය ඇස්තමේන්තු කරනවා මෙට්‍රික් ටොන් ලක්ෂ විසිහතරක්. මේ ඇතිවී තිබෙන නිෂ්පාදන කඩාවැටීම තුළ රටට සිද්ධ වෙනවා ලක්ෂ හතක් ලක්ෂ අටක් අතර මෙට්‍රික් ටොන් ප්‍රමාණයක් ආනයනය කරන්න. රෝහිණී කවිරත්න මැතිනිය අහපු ප්‍රශ්න ම මමත් අහන්න කැමතියි. ආනයනය කරන සහල් ඒවා කාබනික පොහොර වගාවෙන් කරපු ඒවද? ඒවට අර ගුණාත්මකභාවය අර ප්‍රමිතිය බලපානවද ?එහෙම නැත්නම් දේශප්‍රේමීත්වය පිරී ඉතිරී ගිහිල්ලා අපේ රටට එක සැලකිල්ලක් පිටරටට සුවිශේෂී සැලකිල්ලක් ලබා දෙනවාද මේ රජය. කුරුදු වගාව දිහා බලන්න. ගරු කතානායකතුමනි ලෝකයේ වෙළඳපල ආවරණයෙන් අපේ රටට තියෙනවා  සියයට අනූවක්ම world market  share එකෙන්. කුරුඳු අපිට තමයි වැඩිම කොටස තියෙන්නෙ. හෙක්ටයාර විසිපන්දහසක් වගා කරනවා අපේ රටේ . කුරුඳු වගා කරුවන් හැත්ත දාහක් ඉන්නවා. සියයට අසූවක් කුඩා පරිමාණයේ අය. ඔබතුමා හොඳින් දන්නවා. ඔබතුමාගේ දිස්ත්‍රික්කයේ තියනවා. මේ පොහොර මගඩිය නිසා , කෘෂිකාර්මික ඛේදවාචකය නිසා, අසූචි පොහොර වලට මුල්තැන ලබා දීම නිසා, අසූචි පෝර නැව වෙනුවෙන් ඩොලර් ලක්ෂ හැට හතක් වියදම් කරපු මේ රජය මේ ගොවියගෙ කෘෂිකාර්මික අයිතිවාසිකම, සහමුලින්ම විනාශ කරලා තිබෙනවා.  ගරු කතානායකතුමනි මේ රජයට එකක් අමතක වෙලා තියෙනවා. මේ රටේ ග්‍රාමීය ජනතා ප්‍රතිශතය සමස්ත ජනගහනයෙන් 81.29%ක්. සියයට අසූ එකක් මේ රටේ බහුතර ග්‍රාමීය ජනතාව විතරක් නෙමෙයිපිරි නාගරික ජනතාවත් මේ ආණ්ඩුවට සාප කරනවා. හූල්ල හූල්ල කියනවා ඇයි මේ අපිට මෙහෙම කරන්නේ ? ඇයි මේ රටට මෙහෙම කරන්නේ ? ඇයි මේ රට අඳුරේ තබන්නේ ? ඇයි මේ තෙල් හිඟය? ඇයි මේ විදුලිබල කප්පාදුව? ඇයි මේ ගෑස් පිපිරීම? ඇයි මේ දියර පෝර කෑන් පිපිරීම? කථානායකතුමනි ජනාධිපතිවරයා ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුලින්  මේ එකදු ප්‍රශ්නයකට වත් තිරසාර විසඳුමක් ලැබුණේ නෑ ගරු කථානායකතුමනි. 

ඊළඟට ජාතික ආරක්ෂාව පිළිබඳ කතා කරනකොට ආහාර සුරක්ෂිතභාවය. අපි දකුණු ආසියාවේ අංක එකට හිටපු රටක් ආහාර සුරක්ෂිත භාවයෙන්. Food security index එක බලපුහාම පසුගිය දශක පුරාවටම දකුණු ආසියාවෙන් අංක 1. 2019ලෝකයේ රටවල් 113ක් එක්ක සංසන්දනය කරනකොට අපි 66 වෙනි තැන ගරු කතානායකතුමනි අද මොකක්ද වෙලා තියෙන්නේ, 2019 ඉන්දියාවේ හිටියේ හැත්ත දෙවෙනි තැන පකිස්ථානය 78, අපේ රට 66. 2021 වෙනකොට මොකක්ද වෙලා තියෙන්නේ . ශ්‍රී ලංකාව 77 වැනි දැනට පල්ලම් බැහැල. පකිස්තානයේ 75. ඉන්දියාව 71. මූලාශ්‍රය global food security index economic magazine එක. මේක හැන්සාඩ් ගත කරනවා, සභාගත කරනවා රජයේ ජනාධිපතිවරයා, අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ රට දැය වෙනුවෙන් තීන්දු තිරණ ගැනීමේ සියලු දෙනාගේ අවධානය පිණිස. 

ගරු කථානායකතුමනි , දැන් අපි ප්‍රවේශ වෙනවා political security. දේශපාලන ආරක්ෂාව . ඒකත් ජාතික ආරක්ෂාවට වැදගත් වෙනවා. ආණ්ඩුවක වගකීම වන්නේ රටේ ජනතාවට නිදහස් ,නිවහල් ප්‍රජාතන්ත්‍රවාදී, සෞභාග්‍ය සම්පන්න ජන ජීවිතයක් උදාකරලීම. නමුත් මේ රජයේ මොකක්ද ක්‍රියාත්මක කරලා තියෙන්නේ  ? තර්ජනය, මර්දනය, ගර්ජනය. අද මාධ්‍ය නිදහස නෑ. සමාජ මාධ්‍ය ජාලාවල කටයුතු කරන අයට සීඅයිඩී එකේ ලතවෙන්නයි සිද්ධ වෙලා තියෙන්නේ. පෙරටුගාමී පක්ෂය ප්‍රධානීන්ට සිදුවුණු සිදුවුණු හානිය අපි දන්නවා.ඒ වගේම අන්තර් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ ඒත් තරුණ පරපුර නිදහස් අධ්‍යාපනය සුරැකීම සුරකින්නට මහ පාරට බැහැපු පරපුර. නායකයෝ කණ්ඩායමක්ම මාස ගණනාවක් සිරගත කළා. රිමාන්ඩ් බන්ධනාගාරයේ තියලා තිබ්බ. ඇත්ත වශයෙන්ම ගරු කථානායකතුමනි ඔබතුමා හිතනවද දේශපාලන ආරක්ෂාවක් තියෙනවා කියලා ගෑස් පුපුරනකොට, දියර කෑන් පුපුරන කොට , රට අන්ධකාරය තිබෙනකොට  දවසින් දවස දැන් අද අපිට පේන්න තියෙන නාඩගම තමයි ඇමතිවරු ඇමැතිවරු දෙන්නෙක් හොඳ සුපිරි නාට්‍යයක් රඟපානවා. එක්කෙනෙක් තෙල් ඉල්ලනව. අනිත් එක්කෙනා වීරයා වගේ කියනවා නැහැ තෙල් දෙන්නේ නැහැ කියලා. ඉල්ලනවා නෑ. ඉල්ලනවා නෑ . අවසානයේ අපේ මොළ හතේ ඒ මුදල් ඇමතිතුමා වීරයා වෙනවා අරයට දෙන්න බැරි ඩොලර් ටික මං දෙනවා කියලා. මොන විහිළුවක් ද ? එදා වේල ටුවර්ස් රාජ්‍ය පාලනය. එදා වේල ටුවර්ස් ආර්ථික පරිපාලනය. ඇත්ත වශයෙන්ම නාඩගම් කාරයෝ කියලා වෙනමම චිත්‍රපටියක් මේ ආණ්ඩුවේ ක්‍රියාකලාපයට සුදුසුයි කියලා මම මේ අවස්ථාවේදී කියන්න කැමතියි. ගරු කථානායකතුමනි , ඇල්බට් අයින්ස්ටයින් වරෙක ප්‍රකාශ කරලා තියෙනවා සිහි මුලාව යනු එකම දේ නැවත නැවතත් සිදු කරමින් වෙනස් වූ  ප්‍රතිඵල අපේක්ෂා කිරීම. එක තමයි මේ ආණ්ඩුව කරන්නේ. මම කියනවා මේ ආණ්ඩුවට නැවතත් සිතා බලන්න තමන් ඉදිරියට යන ගමන පිළිබඳව. 

ගරු කතානායකතුමනි,  අවසාන වශයෙන් විශේෂිත වූ කරුණු දෙකක් මම කියන්නට බලාපොරොත්තු වෙනවා.  පළමුවෙන්ම ඔබතුමා හොඳින් දන්නවා සිරගත වී සිටින මානව හිතවාදී රංජන් රාමනායක මැතිතුමා. ගරු කතානායකතුමනි, එතුමා හිරේ ගියේ මිනී මරල මංකොල්ලකාලා,  ස්ත්‍රී දූෂණ කරලා, ළමා අපචාර ක්‍රියාත්මක කරලා, රටේ සල්ලි හොරකම් කරලා, රටේ ජාතික සම්පත් ජාතික දේපල විනාශ කරලා නෙමෙයි ගරු කතානායකතුමනි. එතුමාට වචන භාවිතයේ යම් දෙයක් සිදුවුණු නිසා තමයි එතුමාට අවුරුදු හතරක් අච්චු කරලා තියෙන්නේ. පැහැදිලිවම කාලය එළඹිලා තිබෙනවා අපි හැමෝටම මේ පක්ෂ භේදය අමතක කරලා මම ගරු ජනාධිපතිතුමා ගෙනුත් ඉල්ලීමක් කරා දැන් රන්ජන් රාමනායක ව වින්ඳෙව්වා ඇති. එතුමා බොහොම අමාරුවෙන් මේ සිරගත කිරීමට ලක් වෙලා සිටින්නේ . එතුමා එතන නොසිටිය යුතු පුද්ගලයෙක්. එතුමා අද එලීයේ හිටිය නම් ගරු කථානායකතුමනි අර පෝලිම්වල ඉන්න මිනිස්සුන්ට මොනවා හරි සහනයක් ලබා දෙනවා එතුමාගේ වැටුපෙන්. එතුමාගේ වේතනයෙන්. එතුමාගෙ දීමනාවෙන්. එම නිසා නැවත නැවතත් මම මේ සභාව උපයෝගී කරගෙන ගරු ඔබතුමාගේ ත් මැදිහත්වීම මත, මම ඉල්ලීමක් කරනවා කරුණාකර ගරු ජනාධිපතිතුමනි, අත්දෙක පිටිපස්සට බැදපු නිදහසක් නෙමෙයි අපි නම් බලාපොරොත්තු වෙන්නේ. පූර්ණ අයිතීන් සමග සිවිල් දේශපාලන සහ පුරවැසියෙක් සතුව තිබිය යුතු හැම අයිතියක්ම එතුමාට ලබා දෙන්න කියල. මනුෂ්‍යත්වයේ නාමයෙන් මම මේ ඉල්ලීම කරනවා. දේශපාලන සහ පුරවැසියෙක් සතුව තිබිය යුතු හැම අයිතියක්ම එතුමාට ලබා දීලා එතුමාව නිදහස් කරන්නේ කියලා මනුෂ්‍යත්වයේ නාමයෙන් මම ඉල්ලීම කරනවා.

 ගරු කථානායකතුමනි ඒ වගේම නමවෙනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරයක් ප්‍රතිපත්ති ප්‍රකාශනය. අවසානයට මං කියන්න කැමතියි ඇයි මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයකට මුල් වුණේ ? මොකක්ද මුල් වෙන්න හේතුව ? පාර්ලිමේන්තුව කල් දැම්මා. මොකක්ද හේතුව? cope committee එකේ, public committee එකේ finance committee එකේ සිදුවුණු සියලුම වාර්තා අහෝසි කරලා ,ඔබතුමන්ගේ පාර්ශවයේ සහභාගිත්වයෙන් කරන එනමුත් බොහෝ දුරට අපක්ෂපාතීව කටයුතු කරපු ඔබ සභාපතිවරුන්ගේ තනතුරු අහිමි කරලා , තමන්ට සුවච කීකරු ගෝලබාලයන්, එහෙයියන් කොට්ඨාසයක් පත්කර පත් කර ගැනීමේ අරමුණින්. ඒ නිසා තමයි මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් කියෙව්වේ. නැතුව වෙන මොනවත් නිසා නෙමෙයි. යහපත් රාජ්‍ය පාලනයක් උදෙසා කෝප් කමිටුව ,ඒ වගේම රාජ්‍යය  ගිණුම්කාරක සභාව ,ඒ වගේම මුදල් කමිටුව ඒක ක්‍රියාත්මක වෙන්නට ඕනේ. කිරිඇල්ල ඇමතිතුමා කරපු යෝජනාව මම නැවතත් කරනවා. කරුණාකරලා ඔබතුමා මේ රට දැවැන්ත ප්‍රපාතයකට වැටී තිබෙන මොහොතක, මේ රටේ සියලුම දෙනා පාහේ මේ රජය කෙරෙහි අන්ත කලකිරීමට ලක් වී සිටින මොහොතක මේ අන්ධකාරය තුළ අඩුගානේ ඔබතුමාවත් පුංචි හරි රිදී රේඛාවක් බවට පත්වෙන්න කෝ. අහෝසි කරපු කමිටු වල ඒ සාක්ෂි වාර්තා ඔබතුමාගේ බලපෑම උපයෝගී කරගෙන ඒ සභාපතිවරුන්ම ඒකට පත්කරලා ඒවා නැවතත් සක්‍රීය කරන්න කියලා. මේ අපි කියපු කතාව බොරු කරන්න. ඒ කියන්නේ බොරු කියන්න. අපි කැමතියි ඒකට . අපි යෝජනා ඔබතුමාට එසේ ඉෂ්ට කරන්න කියලා. එහෙනම් මම මගේ කතාව අවසන් කරමින් මම ඔබතුමාට නැවතත් තිස්ස විතාරණ මැතිතුමාට, චරිත හේරත් මැතිතුමාට, අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමාට ඒ සභාපතිත්වය ලබාදෙන්නට අඩුම තරමේ ආණ්ඩු පාර්ශ්වය නියෝජනය කරන ඔබතුමාට වත් ප්‍රඥාව පහල වේවායි කියා මම ප්‍රාර්ථනා කරනවා. අවසාන වශයෙන් විශේෂයෙන් මන් දන්නව මේ කතාවෙන් පසුව ඊට පෙරත්  අද දවසේ ගල් ගහයි , මඩ ගහයි , චරිත ඝාතනය කරයි නමුත් මට මතක් වෙනවා ඩේවිඩ් බ්‍රින්ක්ලි මැතිතුමා කරපු ප්‍රකාශයක්. සාර්ථක මිනිසකු යනු තමා වෙත දමා ගසන ලද ගඩොලින් සක්තිමත් ශක්තිමත් අත්තිවාරමක් ගොඩනැගිය හැකි පුද්ගලයෙකි. අමතක කරන්න එපා මම ඒ වගේ පුද්ගලයෙක්. අපිට ඒ හැකියාව තිබෙනවා. ඒ වාගේම නෙල්සන් මැන්ඩෙලා මැතිතුමාගේ වදනකින් මම මගේ කතාව අවසන් කරන්නම්. ජීවත්වීමේ සුවිශාලතම මහිමය වන්නේ වැටීම නොව වැටෙන සෑම අවස්ථාවකම නැගී සිටීමයි. අපේ රටත්, ලක්ෂ දෙසිය විස්සක් වූ ජනතාවත් ඒ නෙල්සන් මැන්ඩෙලා මැතිතුමාගේ ඒ උතුම් වදන අනුගමනය කරමින් මේ අමාරු අවස්ථාවේ වැටිලා හිටියත් අපි නැගිටිමු. වැටි වැටි නැගිටිමු. අමාරුකම් මැද්දේ හරි අපි කැපකිරීම් කරමු. හැබැයි ගරු කතානායකතුමනි කැපවීම පටන් ගන්න ඕනේ රටේ ඉහළ ම තැනින්. ජනාධිපතිවරයා, අගමැතිවරයා, කැබිනට් මණ්ඩලය ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු පමණක් නෙමෙයි. මේ 225ම රටේ ලක්ෂ 220 වෙනුවෙන් කැපකිරීම් කරලා කොච්චර වැටුණත් වැටි වැටී හරි අපි රටක් හැටියට, අපි මේ ආදරණීය මාතෘ භූමිය රැක ගන්න නැගිටිමුයි කියන  එක යෝජනා කරමින් මම මට කතා කිරීමට වෙලාව ලබාදීම සම්බන්ධව ස්තුතිය පුද කරනවා.