ඉදිරි ආණ්ඩුව අනිවාර්යෙන් ප්‍රේමදාස ආණ්ඩුවක් වන බවත් මේ වන විට රටේ මූලික වශයෙන් ආර්ථික ප්‍රශ්නයක් තිබෙන අතර ප්‍රේමදාස ආණ්ඩුවක් යටතේ රට බංකොලොත් කළ, අධිකරණ තීන්දුවක් මගින් වැරදිකරුවන් වූ ආර්ථික ඝාතකයන් අනිවාර්යෙන් හිරේ යවන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා අද (06) මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ රනිල් වික්‍රමසිංහ ලෝකෙ වටේ කරක්ගහමින් ජනතාවට යථාර්තයක් නොවන බොරු පොරොන්දු දෙමින් සිටින බවත් අනිවාර්යෙන් ජනවාරි මාසයේ සිට ජනතාව පාරට බස්සන බවත් එම විරෝධය වික්‍රමසිංහ රාජපක්ෂ ජුන්ටාව පරාජයට පත්කරන තෙක් ක්‍රියාත්මක කරන බවත් මරික්කාර් මහතා වැඩිදුරටත් පැවසීය.