පසුගිය සතියේ රට පුරා ඇතිවුණ ගංවතුර තත්ත්වය හේතුවෙන් වත්තල ඇතුළු ඒ අවට ප්‍රදේශවල ජිවත් වුණ විශාල පිරිසක් දැඩි පීඩාවට පත්වූ අතර අද වනතුරු ඒ තත්ත්වය පාලනය කිරීමට රජය කිසිදු පියවරක්ගෙන නොමැති පසුබිමක ජනාධිපතිගේ වැය ශිර්ෂයට පරිපුරක ඇස්තමේන්තුවක් හරහා රුපියල් මිලියන 8750ක මුදලක් ලබාගෙන ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නියෝමල් පෙරේරා මහතා පවසනවා.

කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ අවස්ථාවේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නියෝමල් පෙරේරා මහතා මෙසේ අදහස් දැක්වීය.

එතුමා සඳහන් කරන්නේ ගං වතුර පහව ගියද එම ප්‍රදේශවල මේ වනවිට ලෙඩ රෝග සීඝ්‍ර ලෙස පැතිරීම ආරම්භ වී තිබෙන අතර ඒවායින් ජනතාව මුදා ගැනීමට හෝ වර්තමාන රජය අපොහොසත් වී තිබෙන බවයි.

ගංවතුර තත්වය හමුවේ එම ප්‍රදේශ වළ ස්වාමීන් වහන්සේලා සහ පූජකවරු මැදිහත් වී පීඩාවට පත් වුණ ජනතාවට අවශ්‍ය පහසුකම් ලබාදීමට කටයුතු කළ බවත් එම අවස්ථාවන් හී දී පවා රජයෙන් කිසිඳු සහයෝගයක් නොලැබුන බවත් නියෝමාල් පෙරේරා මහතා මෙහිදී කියා සිටියේ.