මේ වන විට ලංකාව තුළ බරපතළ ප්රජාතන්ත්රවාදී ගැටලුවක් මතුව ඇති බවත් මෙවැනි බරපතළ ලෙස ප්රජාතන්ත්රවාදය කඩවන දේවල් කිසිදු රටක සිදු නොවන බවත් ඊයේ (19 පැවති ජන හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්රී ඉම්තියාස් බාකීර් මාකර් මහතා පැවසීය.
ඉම්තියාස් මහතා වැඩිදුරටත් පවසා සිටියේ,
“අපිට පෙන්නපු ලිබරල්වාදී, ප්රජාතන්ත්රවාදී නායකයෝ දැන් හැසිරෙන විදිහ කල්පනා කරල බලන්න. ඇප මුදල් බාරගන්න එපා කියල කැබිනට් තීරණයක් අරන් කියල දිස්ත්රික් තේරීම් භාර ලේකම්වරුන්ට ලියුම් යවනවා. මොන රටේද මෙහෙම දේවල් වෙන්නෙ ! පාර්ලිමේන්තුවේදි ඇහුවම අගමැතිතුමා කියනවා එහෙම කැබිනට් තීරණයක් නෑ කියල”