ජනතාව අද අන්දමන්ද වෙලා ඉන්නේ. ආර්ථික අස්ථාවරයි, රට අස්ථාවරයි. ඉතිහාසයේ පළමු වරට මෙහෙම දේකට මුහුණදෙන්නේ. ඉතාම ඛේදනීය තත්තවයක් මේක.

GotaGoHome කියල කියද්දි මෙයාලා මර්දනය කරල තමයි පාලනය කරන්නේ, අපේ ගම් පළාතේ රතුපස්වල, හලාවත, කටුනායක, රඹුක්කන මේ හැම තැනම ජනතා උද්ඝෝෂකයන් මැරුවා. ඒක තමා විසඳුම.

රටේ අඳෝනාව දකින්න පත්තරයක්වත් බලන්නෑ.. ගොවියගෙ ප්‍රශ්න බලන්නෑ. පෝර නැති නිසා ඒ අයගේ දරුවන් පවා අනාථ වෙලා. මේවා සතපහකට ගණං ගන්නෑ. ඒ වෙනුවට කරේ උපදෙස් දීපු උගත්තු ගෙදර ඇරියා!

දැන් ජනාධිපතිතුමා කියනවා මට වැරදුණා පෝර ප්‍රශ්නෙ, මට වැරදුණා IMF කියල. ඒක වගකිවයුතු ජනාධිපතිවරයෙක්ගෙ උත්තරයක්ද? විපක්ෂනායකතුමා බොහොම කලින්ම කිව්වා මේකට පිලියමක් විදියට IMF යන්න කියල.. ඇහුවෙ නෑ.. ජනතාව පෝලිම්වල. ගෑස් මිල දෙතුන් ගුණයකින්.. ඉන්ධන මිල වැඩිවෙලා..

ජනාධිපති මාස ගාණකින් කියයි.. මට වැරදුණා..මට ජනතාව කිව්ව වෙලාවෙම යන්න තිබ්බා කියල!

අජිත් මාන්නප්පෙරුම
මාධ්‍ය සාකච්ඡාවේදී දැක්වූ අදහස් සම්පිණ්ඩනයකි.