ජනාධිපතිවරණය පවත්වන දිනය ශ්‍රේෂ්ටධිකරණයෙන් අර්තනිරුපනයක් ලබාදෙනතුරු ජනාධිපතිවරණය පැවැත්වීම කල් දමන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු සාමාජිකයෙකු විසින් ගොනුකර ඇති පෙත්සමට එරෙහිව සමගි ජන බලවේගය අධිකරණයට යයි.
ජනාධිපතිවරණය කල් දැමීම වෙනුවෙන් ගොනුකර ඇති මෙම පෙත්සමට විරුද්ධව මැදිහත්කරුවකු ලෙස කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා ගැනීම සඳහා ශ්‍රේෂ්ටාධිකරණයෙන් ඉල්ලීම් කිරීමට සමගි ජන බලවේගය බලාපොරොත්තු වන බවයි සමගි ජන සන්ධානය නියෝජනය කරමින් මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කරන්නේ.
ජනාධිපතිවරණය කල් තබන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරා ඇති මෙම පෙත්සමට මැදිහත් පාර්ශවයක් ලෙස සමගි ජන බලවේගය සම්බන්ධ වීම සඳහා වූ පෙත්සමක් අද (5) ශ්‍රේෂ්ඨාධිකරණයට සමගි ජන බලවේගය ගොනු කර තිබේ.සමගි ජන බලවේගය මහලේකම් වෙනුවෙන් පෙත්සම ගොනු කර තිබෙන්නේ ජනාධිපති නීතිඥ ෆර්මා කාසිම් මහතා විසිනි.