ජනාධිපතිවරණය කල් දැමීම වෙනුවෙන් පුද්ගලයෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති පෙත්සම නිෂ්ප්‍රභ කරන්නැයි ඉල්ලා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා අද (15) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අතුරු පෙත්සමක් ගොනු කිරීමට නියමිතව ඇති බවයි සමගි ජන බලවේගය සඳහන් කරන්නේ.

එම පෙත්සම ගොනුක්කිරිම වෙනුවෙන් නිශාන් සිඩ්නි ප්‍රමිතිරත්න, ගමිදු කරුණාසේන, ෂෙනාලි ඩයස්, නිමාෂි ප්‍රනාන්දු ඇතුළු දක්ෂ නීතිඥවරු පිරිසක් පෙනී සිටීමට නියමිතව ඇත.

පසුගිය කාලවකවානුවේ පැවති දුර්දාන්ත ආණ්ඩුව එලවා දැමූ සුවහසක් ශ්‍රී ලංකේය ජනතාවගේ ඒකායන අරමුණ වී තිබෙන්නේ එළඹෙන කිසියම් හෝ මැතිවරණයක් හරහා නව පාලනයක් පිහිටුවා ගැනීම මගින් වර්තමානයේ ඇතිවී තිබෙන අර්බුදකාරී තත්වයන් වලට නිත්‍යානුකුල ලෙස පිළියම් සෙවීමයි. එවැනි තත්වයක් තුළ ආණ්ඩුවට හිතවාදී එක් එක් පුද්ගල කණ්ඩායම් විසින් ව්‍යවස්ථාපිතව පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය කල් දමාගැනීමට විවිධ කුමන්ත්‍රණ දියත් කරමින් තිබේ.