මේ වන විට මෙරට මතභේදයකට තුඩු දී ඇති චීන නෞකාව සම්බන්ධයෙන් ඇමරිකාව හා ඉන්දියාව මැදිහත්වීම පිටුපස ඇත්තේ හිටපු අමාත්‍ය බැසිල් ඇතුළු කණ්ඩායමක් සිටින බව කොමියුනිස්ට් පක්‍ෂයේ සභාපති ඩිව් ගුණසේකර සදහන් කරයි.

මෙම චීන නෞකාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් මැදිහත් වී චීනයේ හොඳ හිත පළුදු නොවන ආකාරයේ ක්‍රියාමාර්ගයකට එළඹිය යුතු බවද ඩිව් ගුණසේකර සදහන් කළේය.

චීනය හා ලංකාව අතර ප්‍රශ්නයක් තිබේ නම් එය එම රටවල් දෙක විසඳාගත යුතු බවත් ඊට තවත් පාර්ශ්වයක් මැදිහත්වීමේ කිසිදු අවශ්‍යතාවක් නැති බවද ලංකාව රටක් ලෙස කටයුතු කළ යුත්තේ නොබැඳි පිළිවෙතකට අනුව බව ද ඩිව් ගුණසේකර සදහන් කළේය.

රටේ මෙම ප්‍රශ්නය තවදුරටත් දික්ගැස්සීම වෙනුවෙන් අමෙරිකාව හා ඉන්දියාවට කේලම් කියන පිරිසක්ද මෙරට තුළ සිටින බවත් ඔවුන්ගේ ක්‍රියා කලාප දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකින බවද ඩිව් ගුණසේකර සදහන් කළේය.