ප්‍රශ්නගත චීන කාබනික පොහොර නෞකාව සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 6.7ක මුදලක් අද දිනයේ (07) ගෙවීමට නියමිත බව වාර්තා වේ.

කොළඹ වාණිජ මහාධිකරණය විසින් පනවා තිබුණු වාරණ නියෝගය ඉවත් කිරීම හේතුවෙන් අදාළ චීන සමාගමට එම මුදල ගෙවන බවයි මහජන බැංකුව පවසන්නේ.

කෘෂිකර්ම අමාත්‍යාංශය අදාළ චීන කාබනික පොහොර සමාගම සමග ඇති කරගත් එකඟතාවකට අනුව මෙම මුදල ගෙවා දැමිමට එකග වී තිබුණා.

මෙම පොහොර නෞකාවට ගෙවීම් කිරීම අත්හිටුවා තිබුණේ එහි අහිතකර බැක්ටීරියා අඩංගු බව මෙරට ශාඛ නිරෝධායන සේවය මගින් කළ සාම්පල් පරීක්ෂාවකදී අනාවරණය වීම නිසාය.