ජනතා විරෝධය නිසා රටින් පිටවීමට සිදු වූ හිටපු ජනපති ගෝඨාභය හෙට යලිත් මෙරටට පැමිනීමට නියමිත බවත් හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හට ලබන ජනවාරි මස 15 වනදා තෙක් විදෙස්ගතවීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද අවසර ලබා දී ඇති බවත් දෙස් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සහ පෞද්ගලික හේතූන් මත ලබන සතියේ අමරිකාව බලා යාමට අපේක්ෂා කරන බැවින් ඒ සඳහා අවසර ලබා දෙන ලෙස ඔහුගේ නීතිඥ වරයා කළ ඉල්ලීමක් සලකා බැලූ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම අවසරය ලබාදී තිබේ.
මෙරට සහ මහජනතාව බංකොලොත්භාවයට පත් කිරීමට එරෙහිව ගෝඨාභය රාජපක්ෂට තිබූ ජනතා විරෝධයත් බැසිල් රාජපක්ෂට මූල්‍ය වංචා සම්බන්ධයෙන් තිබූ නඩු කටයුතු හේතුවෙන් විදෙස් ගමන් තහනම් කර ඇත.