ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 13 වැනි පොහොය දින ඉල්ලා අස්වීමට තීරණය කොට ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග කතා කිරීමෙන් පසුව බව මේ වනවිට පක්ෂ නායකයන් විසින් අනාවරණය කොට ගෙන ඇති බව දැනගන්නට තිබේ.
පෝය දිනයේ පාර්ලිමේන්තුව කැඳවීමට නොහැකි බැවින් ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමෙන් පසු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එදිනම ජනාධිපති ධූරයේ දිවුරුම් දී නව කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට වික්‍රමසිංහ මහතාට අවස්ථාව උදා වන බවද පක්ෂ නායකයන් විසින් පෙන්වා දී ඇත.
මෙම සැලසුම මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ ඇතුලු කණ්ඩායම සමග සාකච්ජා කොට ගත් එකක් බවට පක්ෂ නායකයන් විසින් සැක කෙරන බවද ආරංචිය.
මේ තත්ත්වය යටතේ අද දහවල් 2ට පැවැත්වීමට නියමිත පක්ෂ නායක රැස්වීමේදී හෙට දිනයේම පාර්ලිමේන්තුව කැදවා ජනාධිපති ඉල්ලා අස්වීමට පෙර අගමැති ධූරය සම්බන්ධයෙන් අවසන් තීන්දුව ගත යුතු බවට කාතානයකවරයා වෙත බල කිරීමට පක්ෂ නායකයන් තීන්දු කර තිබේ.
එමෙන්ම හෙට දිනයේදී නව අගමැතිවරයකු පාර්ලිමේන්තුවෙන් පත් කළ යුතු බවට කතානායවරයා වෙත දැනුම් දීමටද පක්ෂ නායකයන් තීරණය කොට ඇති බව වාර්තා වේ.
එමෙන්ම මේ වනවිට සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටූවීම සදහා විපක්ෂයේ සියලුම පක්ෂත් පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායමකුත් සිදු කළ සාකච්ජා අවසන් අදියරට පැමිණ ඇති බවක්ද දැනගන්නට ඇත.