මීට සුළු මොහොතකට පෙර පෞද්ගලික ජෙට් යානයක් මාලදිවයිනේ මාලේ අගනුවරට ගොඩබස්වා ඇති අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මාලදිවයිනෙන් සිංගප්පූරුව බලා පිටත්ව යාමට සූදානම් වන බව ඩේලි මිරර් පුවත් පත වාර්තා කරනවා.

ගෝඨාභය රාජපක්ෂ, ඔහුගේ බිරිඳ අයෝමා රාජපක්ෂ සහ ආරක්ෂක නිලධාරීන් දෙදෙනකු ඊයේ රාත්‍රියේ මාලේ සිට සිංගප්පූරුව බලා යාමට සිංගප්පූරු ගුවන් සේවයට අයත් ගුවන් යානයකට ගොඩවීමට නියමිතව තිබූ නමුත් ආරක්ෂක හේතූන් මත නියමිත පරිදි ගමන් කළේ නැත.

මෙම ජෙට් යානය මීට සුළු මොහොතකට පෙර වේලාන ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණි බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා තව සුළු මොහොතකින් මාලදිවයිනෙන් පිටත්ව යන බවත් ඩේලි මිරර් පුවත් පත වාර්තා කරයි.

අද පස්වරුවේ සිංගප්පූරුවට ළඟාවීමෙන් පසු ජනාධිපතිවරයා සිය ඉල්ලා අස්වීම ප්‍රකාශ කිරීමට නියමිත බව පැවසේ.