ඓතිහාසික සෙංකඩගල පුරවරයේ ජන්මය ලැබූ ලාංකීය දේශපාලනයේ කැපී පෙනෙන චරිතයක් සේ ගොඩනැගී මෙරට ආගමික හා සහජීවනය ගොඩනැංවීම උදෙසා කටයුතු කළ අත්තනායක මුදියන්සේලාගේ කුඩාබණ්ඩා තිස්ස අත්තනායක මැතිතුමා මූලික අධ්‍යාපනය මිනිපේ සංඝබෝධි විද්‍යාලය, හඳගනාව මහා විද්‍යාලය, කටුගස්තොට උඩුවාවල යන විද්‍යාල වලින් ලබා ඇති අතර 1985 පසුව වර්ෂයේදී කැළණිය විශ්ව විද්‍යාලයෙන් වාණිජවේදී විශේෂ උපාධිය ද දිනාගෙන ඇත.

1989 වර්ෂයේ එවකට විධායක ජනධිපති වූ රණසිංහ පේ‍්‍රමදාස ජනාධිපතිතුමාගේ ආරාධනයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කොට එතැන් සිට දසක හතරකට ආසන්න කාලයක් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන, පළාත් පාලන, මධ්‍යම ප‍්‍රදේශ සංවර්ධන, සෞඛ්‍ය ආදී අමාත්‍යංශයන්හි අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් මහනුවර දිස්ත‍්‍රික්කයටත් සමස්ත ශ‍්‍රී ලංකාවටත් සුවිසල් සේවාවක් ඉටු කරනු ලැබීය.

සඳහම් යාත‍්‍රා සංකල්පයේ නිර්මාතෘවරයා වශයෙන් මෙරට බෞද්ධ සංස්කෘතිය තුළ හින්දු, ඉස්ලාම්, කතෝලික ආගමික ආයතනයන් එක් කරමින් ආගමික සංහිදියාව යතාර්ථයක් බවට පත් කිරීම උදෙසා කළ කැප කිරීම වෙනුවෙන් ප‍්‍රසාදයට පත් මහා විහාර වංශික ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය එතුමා වෙත ‘‘දේශකීර්ති ශ‍්‍රී ශාසනාභිමානී’’ යන ගෞරව සම්මානෝපාධිය පිරිනමා ඇත. චිරාත් කාලයක් ලෝකත්ථචාරීව කටයුතු කිරීමට එතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවායි ආශිර්වාද කරමු.