ගංවතුර තත්වය නිසා පීඩාවට පත්ව සිටින කොලොන්නාව ආසනයේ පවුල් 5000ක පුද්ගලයන් 15000ක් වෙනුවෙන් පිළියම් යෙදීමට එස් එම් මරික්කාර් මහතා රාජ්‍ය පාර්ශවය සමඟ අද දින විශේෂ සාකච්ඡාවක් කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්විය.

අවතැන් කඳවුරු වල සිටින පුද්ගලයන්ට පමණක් ආහාර ලබාදීමට රජය විසින් අවසර ලබාදී තිබූ අතර මෙම සාකච්ඡාවෙන් පසුව නිවෙස් වළ සිරවී සිටින අය සඳහාත් ආහාර ලබාදීම සිදුකිරිමට පියවර ගත් බවයි මරික්කාර් මන්ත්‍රීවරයා පවසන්නේ.

මිට අමතරව වැසි ජලය පොම්ප මගින් කැලණි ගඟට පොම්ප කර යැවීමටත්, සනිපාරක්ෂක කටයුතු නිසි ආකාරව සිදු කිරීමත්, යට වී ඇති ළිං ඉස පිරිසිදු කිරීමටත් අදාල තීරණ ගැනීමට කටයුතු කර තිබිණි.