තමා සමාජ සේවයට සහ දේශපාලනට පැමිණියේ ජනතාව රැවටිමට නොවන නිසා කොලොන්නාව ප්‍රදේශයේ ගංවතුර මැඩපැවැත්වීම සඳහා වන පොම්පාගාර ඇති කිරීම සඳහා සමගි ජන බලවේග රජයක් තුළ කටයුතු කරනා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අද සිටින්නේ බලයට පැමිණි පසු බලයෙන් මත්වන පාලකයන් වුවත් සමගි ජන බලවේගයේ සාමාජිකයන් විපක්ෂයේ සිටම බලයක් නොමැතිව රටට අගයක් එකතු කර ඇති නිසා බලය ලැබුණු පසු ජනතාව රැවටීමකින් තොරව මෙම ගැටලුවලට තිරසර විසඳුමක් ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ පසුගිය දා දිවයිනට බලපෑ මහවැසි නිසා කැළණිගඟ අවට ප්‍රදේශවලට සහ කොලොන්නාව ප්‍රදේශයට බලපෑ ගංවතුරින් හානියට පත් ජනතාවගේ සුවදුක් විමසා බැලීම සඳහා අද කොළොන්නාව ප්‍රදේශයේ සිදු කළ සංචාරයකින් අනතුරුව ය. මේ අවස්ථාව සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා ද එක්විය.