සමගි ජන බලවේගය අන්තර්කාලීන ආණ්ඩු සඳහා සම්බන්ධ නොවන බවත් ආණ්ඩුව ඉවත් වී සමගි ජන බලවේගය රට පාලනය කිරීමට ඉඩ ලබා දුන්නොත් වත්මන් ආර්ථික අර්බුදය විසදෙන බව සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පවසයි.
ඔහු කියා සිටින්නේ කොට්ට මෙට්ට මරු කීම පමණක් නොව ඇදේ රාමුවක් මරු කර යුතු බවයි .
වත්මන් ආණ්ඩුව බලයට ඒම සඳහා ජාතිවාදය භාවිතා කර නිසා අද රටට මෙවනි තත්වයක් ඇතිවූ බවද, මන්ත්‍රීවරයා පැවසීය .
වසර එක හමාරකට කළින් වත්මන් අර්බුදය විසදීමට අවශ්‍ය විසදුම් විපක්ෂය ඉදිරිපත් කළාත් ඒ සඳහා ආණ්ඩුව එදා ඇහුම්කන් නොදුන් බවද මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.
ආණ්ඩුව ඩොලර් සෙවීම සඳහා රටේ වටිනා සම්පත් විකුණමින් සිටින බව ද, කියා සිටි කබීර් හෂීම් මන්ත්‍රීවරයා පවසා සිටියේ වත්මන් ආර්ථික අර්බුදයට පොදුජන වගකිය යුතු බව ද පැවසිය.
විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉවත් කර 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරමීන් system change එකක් ඇති කර යුතු බවත් ආණ්ඩුව සමග සමගි ජන බලවේගය ඩීල් නොගසන බවත් කබීර් හෂීම් මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය .
සටහන – CJ