රටේ කුඩා සහ මධ්‍ය පරිමාන කර්මාන්ත කඩාවැටීම සම්බන්ධයෙන් රජය වගකිව යුතු බවත් කුඩා සහ මධ්‍ය පරිමාන කර්මාන්ත කඩා වැටුණේ කොවිඩ් අර්බුදය හේතුවෙන් නොව බංකොලොත්භාවය හේතුවෙන් සහ රජය ගත් වැරදි තීන්දු තීරණ හේතුවෙන් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පැවැසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂිම් මහතා මේ බව කියා සිටියේ අද (14) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට සහබාගී වෙමින්.

කොවිඩ් අර්බුදය හේතුවෙන් කුඩා සහ මධ්‍ය පරිමාන කර්මාන්ත කඩා වැටුණා කියලා ආණ්ඩුවට බේරෙන්න නොහැකි බවත් කොවිඩ් සමයේදී මෙම ප්‍රශ්නය ලෝකයේ බොහෝ රටවල ඇතිවුණ ප්‍රශ්නයක් බවත් එම අවස්ථාවේ කඩා වැටුණු කුඩා සහ මධ්‍ය පරිමාන කර්මාන්ත වලට අරමුදලක් ලබාදීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සැලසුම් කළ බවත් ඒ අවස්ථාවේ රටේ සිටි මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ලබාදීමට ගිය අරමුදල් ප්‍රතික්ෂේප කළ බවත් කබීර් හෂීම් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ලබාදෙන අරමුදල ගන්නා ලෙස සමගි ජනබලවේගය ආණ්ඩුවෙන් ඉල්ලා සිටියත් එම අවස්ථාවේ ලංකාවට ඩොලර් බිලියන 10 ක් ලැබීමට තිබෙන බව අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කළ බවත් ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර අවශ්‍ය නැති බවත් කියමින් ඔවුන් රට නොමග යැවූ බවත් ඔවුන් ගත්තු ඒ තීරණ හේතුවෙන් රටේ කුඩා සහ මධ්‍ය පරිමාන කර්මාන්ත කඩාවැටුණු බවත් කබීර් හෂීම් මහතා හෙතෙමෙ පැවැසීය.