සහල් මෙට්‍රික් ටොන් 50,000 ක් ආනයන කර පාරිභෝගිකයාට අඩු මිලට සහල් ලබාදීමට රජය උත්සාහ කරන්නේ මහ මැතිවරණයක් ඉලක්ක කරගෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවැසීය.
අද (20) දින විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ බව සඳහන් කළේය.
මෙවර මහ කන්නයෙන් සහල් මෙට්ට්‍රික්ටොන් මිලියන දෙකක් ලැබීමට නියමිත බවත් රටේ සහල් අවශ්‍යතාවයෙන් 80% ක් මෙවර මහ කන්නයෙන් ලැබීමට නියමිත බවත් මෙවැනි තත්ත්වයක සහල් ආනයනය කළහොත් සහල් කිලෝවක මිල රුපියල් 100 ක් දක්වා පහළ බහින බවත් එවිට දේශිය ගොවියා අන්න අසරණ තත්ත්වයකට පත්වන බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කීය.
එමෙන්ම ආනයනය කරන සහල් වරායට පැමිණි පසු සයිලෝ තිබෙන සහල් ව්‍යාපාරිකයන් අඩු මිලට සහල් තොග මිලදීගෙන හැකි තරම් ගබඩා කර ගන්නා බවත් ඉන්පසු ඔවුන්ට අවශ්‍ය පරිදි මෙම සහල් වෙලඳ පොලට නිකුත් කරන බවත් ඒ හරහා සහල් ව්‍යාපාරිකයන් අති විශාල ලාභයක් උපයා ගන්නා බවත් මේ කටයුත්තෙන් සාමාන්‍ය ගොවියා දැඩි අසාධාරණයක් සිදුවන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.
වැඩිදුරටත් අදහස් දැක්වමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසුවේ , සමගි ජනබලවේග ආණ්ඩුවක් යටතේ මෙට්ට්‍රික් ටොන් 5000 ක උෂ්ණත්වයයි , තෙතමනයයි පාලනය කරන ගබඩාවේ ඉදිකිරිම් සති 4 කින් අවසන් කරන බවත් සති 4 ක් ඇතුළත ශක්ති සමුපාකාරය ආරම්භ කරන බවත් ඒ හරහා සහල් මාෆියාව මඩින්න කටයුත් කරන බවත්ය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙසේ පැවැසීය.
‘‘කීරි සම්බා මෙට්ට්‍රික්ටොන් 50,000 ක් රටින් ගේන්න කැබිනට් මණ්ඩල අනුමැතිය හමුවෙලා කියලා ආරංචි වෙනවා. සහල් ගේන්න අනුමැතිය ගත්ත පමණින් සහල් ගේන්න බෑ. සහල් ගේන්න දවස් 15 ක් 20 ක් යනවා. වරායේ සහල් නැවක් නැංගුරම්ලා තිබුණොත් උත්සව සමයේ සහල් ලබාදෙන්න පුලුවන්. වරායේ සහල් නැවක් නැංගුරම්ලා තිබෙනවාදැයි සැකයකුත් අපිට තිබෙනවා.
උතුරේ සහ නැගෙනහිර මහ කන්නයේ ගොයම් ටික ජනවාරි 15 විතර වනවිට කැපෙන්න පටන් ගන්නවා. උතුරේ සහ නැගෙනහිර ගොවියෝ වී අස්වැන්න ගන්න විට රජය පිටරටින් ආනයනය කළ සහල් වරායට ගොඩබානවා. මෙවර මහ කන්නයෙන් සහල් මෙට්ට්‍රික්ටොන් මිලියන දෙකක් ලැබීමට නියමිතයි. රටේ සහල් අවශ්‍යතාවයෙන් සියයට 80 ක් මෙවර මහ කන්නයෙන් ලැබෙනවා. මෙවැනි තත්ත්වයක රටින් සහල් ආනයනය කළොත් සහල් කිලෝවක මිල රුපියල් 100 ට බහිනවා. එහෙම වුනොත් ගොවියන්ට මොකක්ද සිද්ධ වෙන්නේ. ගොවියාට හෙන ගැහුවත් කමක් නැ කියලා පාරිභෝගිකයාට අඩු මිලට සහල් ලබාදීමට රජය ගන්නා උත්සාහයෙන් පෙනෙන්නේ මහ මැතිවරණයක් ලඟම එනවා කියන පණිවිඩයයි.
කීරි සම්බා කිලෝවක් රුපියල් 320 යි 340 යි. මේ සම්බන්ධයෙන් වැටලීම් කරනවද? වැටලීම් කරන්නේ නෑ. වෙළදුන්ට අවශ්‍ය මිලට සහල් අලෙවි කරන්න ඉඩ ලබා දෙනවා. රතු කැකුලු කිලෝවක් රුපියල් 180 ට ගන්න ජනතාව දගලනවා. මොන හේතුවකටද කීරි සම්බා 320 ට 340 ට විකුණන්නේ. ගොවියාව නැති කරලා ජනතාවට කීරි සම්බා කවන්නද මේ රජය උත්සහ කරන්නේ.
යහපාලන ආණ්ඩුවෙන් දිස්ත්‍රික්ක 8 ක කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් 300 ක් සහ ගොවියන් 10,000 එකතු කරලා සහල් සමුපාකාරයක් හැදුවා. ඒ හරහා ලබාගත් සහල් ශක්ති කියන වෙළඳ නාමය යටතේ සුපිරි වෙළඳසැල්වල පවා අලෙවි කළා. ඒ වැඩපිළිවෙල ගෝඨාභය සතියෙන් නැවැත්තුවා. වර්තමාන ආණ්ඩුව ජනවාරි පළමු වැනිදා සිට ගොවි මහත්තයාගේ උදැල්ලට , ට්‍රැක්ටරයට , පොහොරවලට වැට් බද්ද අය කරනවා. මේ තත්ත්වය තුළ සාමාන්‍ය ගොවියෙකුට ජිවත් වීමට නොහැකි තත්ත්වයක් උදා වෙලා තිබෙනවා.
සහල් වරායට ගොඩබාපු ගමන් සයිලෝ තිබෙන සහල් ව්‍යාපාරිකයන් අඩු මිලට සහල් තොග මිලදීගෙන හැකි තරම් ගබඩා කර ගන්නවා. ඉන්පසු ඔවුන්ට අවශ්‍ය පරිදි මෙම සහල් වෙලඳ පොලට නිකුත් කරනවා. එහෙම කරලා ඒ සහල් ව්‍යාපාරිකයන් කෝටි ගණන් ලාභ උපයා ගන්නවා. මේ කටයුත්තෙන් සාමාන්‍ය ගොවියා දැඩි අසාධාරණයක් සිදුවෙනවා.
කුඩා හා මධ්‍ය පරිමාන සහල් මෝල් හිමියන් ශක්තිමත් කරලා ඒ හරහා ගොවියන්ට සාධාරණ මිලක් ලබාදෙන්න පාරිභෝගිකයන්ට සාධාරණ මිලකට සහල් ලබාදෙන්න තිරසර විසදුමක් අවශ්‍ය වෙනවා. යහපාලන රජය සමයේ ඇතිකළ ශක්ති සහල් සමුපාකරය තමයි කුඩා සහ මධ්‍ය පරිමාන සහල් මෝල් හිමියන්ට , ගොවියන්ට , පාරිභෝගිකයන්ට සාධරණක් ඉටු කළ පළමු වැඩපිළිවෙල.
උෂ්ණත්වයයි , තෙතමනයයි පාලනය කරපු ගොවියන්ගේ අවශ්‍යතාවයට හදපු ප්‍රථම මෙට්ට්‍රික් ටොන් 5000 ක ගබඩාව හදන කටයුත්ත ගෝඨාභය නැවැත්තුවා. පකිස්ථානයෙන් ගේන ලුණු ශිතකරණ දාලා පාරිභෝගිකයින්ට ලබාදෙනවා. ඒ හරහා දේශීය ලුණු ගොවියා ඉවරෙටම ඉවරයි. සමගි ජනබලවේග ආණ්ඩුවක් පැමිණි විගස මෙට්ට්‍රික් ටොන් 5000 ක උෂ්ණත්වයයි , තෙතමනයයි පාලනය කරන ගබඩාව සති 4 කින් හදලා ඉවර කරනවා. සති 4 ක් ඇතුළත ශක්ති සමුපාකාරය ආරම්භ කරනවා. ශක්ති සමුපාකාරය ඇති කරලා සහල් මාෆියාව මඩින්න කුඩා සහල් මෝල් හිමියන්ට සහ ගොවියන්ට අවස්ථාව ලබාදෙනවා.‘‘