රටේ ඩොලර් හිගයක් නොමැති බව මහබැංකු අධිපතිවරයා පැවසූවත් වරායෙන් භාණ්ඩ නිදහස් කර ගැනිමටවත් නොහැකි තත්ත්වයක් උග්රත වී ඇති බවත් ජනවාරි මසය අවසන් වන විට ඉතිරිව තිබුණේ ඩොලර් මිලියන 700ක් බවත් අද වනවිට විශාල ලෙස ඩොලර් අර්බුදයක් රට තුල ඇති වී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි .
ඔහු වැඩි දුරටත් කියා සිටියේ,
“අපි දැක්කා දින දෙකකට කලින් මහබැංකුව නිකුත් කරලා තිබෙනවා ඒ අයගේ සංචිත ප්‍රමාණය නොවැම්බර් අග ඩොලර් බිලියන එක හමාරක්. දත්ත විද්‍යාවක් කරලා චීනයෙන් හම්බවෙච්ච යුවාන් බිලියන 10 එකට එකතු කරල අගය බිලියන එක හමාරයි කියලා කිව්වා අපට ඩොලර් බිලියන 03ක සංචිත තියෙනවා කිව්වා හැබැයි ජනවාරි මාසේ ඉවර වෙනකොට ඒ තත්ත්වෙ විද්‍යාවත් සමග තිබිච්ච සියලු අරමුදල් නැවත පහලට වැටිලා ඩොලර් බිලියන 2.3 එයින් චීන යුවාන් බිලියන 10 අඩු කරාම අතේ තියෙන්නේ ජනවාරි අවසානයේ ඩොලර් මිලියන 700 ක් බව” අචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා කියා සිටියේය .
තව දුරටත් පැවසූ මන්ත්‍රීවරයා ,
“එම මුදලින් තමයි මේ සියලූ වියදම් කරන්න තියෙන්නේ. ඊට පස්සේ බෙහෙත් ගේන්න සල්ලි ඉල්ලනවා, කන්ටේනර් 2000 නිදහස් කරගන්න සල්ලි ඉල්ලනවා, අනේකුත් අවශ්‍යතාවයන් වලට ඒ මුදල් අවශ්‍ය වෙනවා. නමුත් ඩොලර් නැහැ .අද තව තැනක පත්තරේ තියෙනවා තමන් ගාව ඩොලර් තියෙනවා නම් එය ලබා දෙන්න එහිදී එම ඩොලර් වලට රුපියල් 210 ගානේ ගෙවනවා කියලා. ඒ කියන්නේ මහ බැංකුව දැන් වෙනකොට පිලි අරගන්නවා ඒගොල්ලොන්ගෙ නිළ අගය ඩොලරයට රුපියල් 210යි කියලා. හැබැයි ඒ ගොල්ලෝ මහ බැංකුවේ නිල වශයෙන් දැනුම් දෙන්නේ රුපියල් දෙසීයයි කියලා ඩොලර් එක. හැබැයි පිටකොටුවෙ ගියාම ඩොලර් 1 රුපියල් 250 යි. මේ සියලු සත්‍ය තුළ මහ බැංකුව සූදානම් නෑ පිළිගන්න අපේ රටේ ඩොලර් ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඒක පුදුම වැඩක් .කබ්රාල් මහතාගෙන් අපි අහනවා මොනවද මේ කතා කරන්න ඔබතුමා හිතෙනවද මේ රටේ ඉන්න මිනිස්සුන්ට මොළයක් නැහැ කියලා. මේ පත්තරේ එක තැනක තියෙනවා අපට ඩොලර් ගිගයක් නෑ කියලා අනිත් තියෙනවා බෙහෙත් ගේන්න ඩොලර් නෑ කියලා කාවද මේ අන්දන්න හදන්නේ. ඇන්දවීමේ සීමාවක් තියෙන බවද” පැවසීය
කබ්රාල්ට හර්ෂගෙන් සැර කතාවක්
“තමන්ගේ පුද්ගලික ආයතනයක් මේ වගේ තමන්ගේ අධ්යක්ෂ මණ්ඩලය අන්දලා ප්‍රධාන විධායක නිලධාරියා හැටියට ඒ ආයතන බංකොලොත් කරට අපිට ප්‍රශ්නයක් නෑ ගැටලුවකුත් නැහැ. මේ අන්දන්න හදන්නේ මහජනතාව .මේ රටේ කොටස්කරුවෝ මහජනතාව අන්දලා බංකොලොත් කරන්නේ මේ රට. පුද්ගලික ආයතනයක් නෙමෙයි ඔහෙලගෙ පුද්ගලික ආයතන ඔහේලා බංකොලොත් කරගන්න අපට ප්‍රශ්නයක් නැහැ නමුත් මේ රට බංකොලොත් කරන්න අවස්ථාවක් දෙන්න බැහැ මේ කරන්නේ පාපකර්මයක් ඒ නිසා නැවතත් අපි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට කියනවා එක එක වන්දිභට්ටයෝ කියන ඒවා අහන්න එපා .තවදුරටත් මුලා වෙලා ඉන්නවනම් කරුනාකරලා ස්වාධීන ආර්ථික විශේෂඥයන්ගේමේ ප්රශ්නය ගැන විග්‍රහයක් අරගෙන දැන්වත් තේරුම් ගන්න ඔබතුමා මේ රට අගාධයකට ඇද දමමින් ඉන්නවා. ඒක කරන්න එපා අපි ජනතාවගේ නියෝජිතයා හැටියට ජනතාවාදී විපක්ෂයක් හැටියට මේ අවස්ථාවේදී කාරුණිකව ඉල්ලනවා අඩුම වශයෙන් සාකච්ඡාවට එන්න සාකච්ඡාවකට ඇවිත් ප්රශ්නයේ දිග පලල තේරුම් ගන්න එහිදී කළ යුතු දේ කරන ලෙසද” අජිත් නිවාඩ් කබ්රාල් මහතාට හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා කියා සිටියේය .
මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යලයේ පැවති ආර්ථිකයේ නිවරදි දිශාවට එක් වෙමින්ය .