නව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ පත්වීමට එරෙහිව සමගි ජන බලවේගය නීති මගට පිවිසෙන බව එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.

ඒ මහතා පෙන්වා දෙන්නේ අමාත්‍ය ධූරයක සිට මහබැංකු අධිපති තනතුර දැරීම නීති විරෝධී මෙන්ම සදාචාර විරෝධී ක්‍රියාවක් බවත්, මේ හරහා ඉදිරියේදී ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමග ගනුදෙනු කිරීමේදීී බරපතළ තත්ත්වයක් මතුවිය හැකි බවත්ය.

මීට අමතරව කබ්රාල් මහතාට විශ්‍රාම වැටුප් හිමිකම ලබා දීම හරහා රුපියල් මිලියන 194ක පමණ මුදලක් හිමිවීමට නියමිතව ඇති බවද මරික්කාර් මහතා සදහන් කර සිටියේය.