මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන ප්රමුඛ පෙළේ වෘත්තීයවේදීන් සහ විපක්ෂ නායකතුමා අතර සුහද හමුවක් මහනුවර දී පැවැත්විණි.
රටක් ගොඩනැගීම වෙනුවෙන් වෘත්තීයවේදීන්ගෙන් ලැබෙන දායකත්වය පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු වූ අතර වඩ වඩාත් වෘත්තීය වේදීන්ගේ අවශ්‍යතාවය පිළිබඳව විපක්ෂ නායකතුමා එහිදී අවධාරණය කරනු ලැබීය. නූතන ලෝකයට උචිත වන පරිදි නව සංකල්ප අදහස් සහ ක්රමෝපායන් තුළින් පක්ෂ යාන්ත්‍රණය සහ සැකිල්ල ශක්තිමත් කිරීම උදෙසා වෘත්තියවේදීන්ගේ දායකත්වය අවශ්‍ය බව ද විපක්ෂ නායකතුමා එහිදී පැවසීය.
වර්තමානයේ රට මුහුණ දෙන බොහෝ අර්බුදවලට හේතුව වී ඇත්තේ ඒ ඒ ක්ශේත්‍රයන් පිළිබඳව නිපුණතාවය, කුසලතාවය සහ දැනුම ඇති පිරිසෙහි අදහස් උදහස් යෝජනා නොසලකා හැරීම බවත් ,මෙවැනි හැකියාව හා කුසලතාවය ඇති වෘත්තීයවේදීන් අදාළ කටයුතු සඳහා නොයෙදවීම බවත් එම හමුවේදී සාකච්ඡාවට බඳුන්විණි.
සෑම ක්ෂේත්රයකම පිරිහිමට සහ කඩාවැටීමට හේතු වී ඇත්තේ අන්තනෝමතික ලෙස හිතුවක්කාරී තීන්දු තීරණ ගැනීම බව පැවසූ විපක්ෂ නායකතුමා ඕනෑම ආණ්ඩුවක් යටතේ එවැනි අවාසනාවන්ත තත්වයන් ඇතිනොවිය යුතු බවද පැවසීය.
ජනතාවාදී තිරසාර ගමනක් උදෙසා ආණ්ඩුවකට වෘත්තීයවේදීන්ගේ සහයෝගය අවශ්‍ය බව ඊට එක් වූ වෘත්තීයවේදීන් අවධාරණය කළ අතර වර්තමානයේ එසේ නොවීම පිළිබඳව ස්වකීය කණගාටුව ද ප්‍රකාශ කළහ.