රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තුකාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂද සිල්වා මහතා මුදල් අමාත්‍යවරයාට ලිපියක් යොමු කර තිබෙනවා ඒ නියාමනය කෙරෙන නීති නැති හෙයින් ඔන්ලයින් කැසිනෝවලින් රටට රුපියල් කෝටි ගණනින් ආදායම් අහිමි වෙමින් පවතින බව පවසමින්.

මන්ත්‍රීවරයා මෙම ලිපිය මගින් මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලා සිටින්නේ ලෙසයි.

කැසිනෝ ඇතුළු සූදු ව්‍යාපාරවලින් අය විය යුතු හිඟ බදු අය කර ගැනීමට හා මෙවැනි ව්‍යාපාර සඳහා විදේශ ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමට ඉතාමත් වැදගත් වන නියාමන අධිකාරියක් පිහිටුවීමට අවශ්‍ය නීති සම්මත කර ගැනීමට කඩිනම් කටයුතු යොදන ලෙස සහ එය තවදුරටත් පමා නොකරන ලෙස සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

අනතුරුව, කාරක සභාව විසින් 2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර (නියාමන) පනතේ 3 වැනි වගන්තිය සමඟ කියවිය යුතු 4 වැනි වගන්තිය යටතේ ඇති රෙගුලාසි සහ එම පනතේ 3 වැනි වගන්තිය සමඟ කියවිය යුතු 4 වැනි වගන්තිය යටතේ නියෝගයක් සලකා බලන ලදී. ඉන් අනතුරුව කාරක සභාව එම නියෝගය සහ රෙගුලාසිය අනුමත කළේය.

එමෙන්ම 2002 අංක 24 දරන සුබසාධක ප්‍රතිලාභ පනතේ 27 වැනි වගන්තිය යටතේ වන නියෝගය ද රජයේ මුදල් පිළිබඳ කාරක සභාව අනුමත කළේය.

මෙම සාකච්ඡාවට රාජ්‍ය අමාත්‍ය (ආචාර්ය) සුරේන් රාඝවන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන නිමල් ලාන්සා, මයන්ත දිසානායක, චන්දිම වීරක්කොඩි, (ආචාර්ය) නාලක ගොඩහේවා, හර්ෂණ රාජකරුණා, මධුර විතානගේ මහත්වරුද සහභාගි වූහ.