මැතිරණ කල් දැමීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර කළ ප්‍රකාශය හුදු පෞද්ගලික අදහසක් පමණක් බව එම පක්ෂයේ ඇතැමුන් ප්‍රකාශ කරනවානම්, එම පක්ෂයේ ඡන්ද පදනම වගේම මහලේකම් ධුරයත් කිසිදු වටිනාකමක් නොමැති තත්වයකට පත්ව ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පවසනවා.

රූපවාහිනී නාලිකාවක පැවති දේශපාලන වැඩසටහනකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළ අතර එහිදී මන්ත්‍රීවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පදනම වගේම මහ ලේකම් තනතුරත් බල්ලට ගොස් ඇති බවක් පෙනී යන බවයි.

අශු මාරසිංහ එහිදී සඳහන් කළේ රංගේ බණ්ඩාරගේ ප්‍රකාශය හුදු පෞද්ගලික එකක් පමණක් වන අතර එය පක්ෂයේ මතය නොවන බවටයි.

කෙසේ වෙතත් මෙය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අනුදැනුම මත සිදු වූ ‘මුට්ටිය දැමීමක්’ බවටයි හේෂා විතානගේ එම අදහසට විරෝධය දක්වමින් දිගින් දිගටම ප්‍රකාශ කළේ.