උපාධි පත්වීම් ලබා දීමේ දී අසාධාරණයට පත් 465 දෙනකුගේ ගැටලුව නැවතත් පාර්ලිමේන්තුවට (VIDEO) Wednesday, 22 May 2024, 2:08 pm | දේශපාලන, balavegaya, ජනතා ගැටලු, දේශීය | 0 | මීට පෙර අවස්ථා ගණනාවකදී පාර්ලිමේන්තුවේත් උපදේශක කාරක සභාවේත් උපාධි පත්වීම් ලබා දීමේදී අසාධාරණයට පත්වූ 465 දෙනකුගේ ගැටලුවක් ගැන අනාවරණය කළත් තවමත් ඔවුන්ට නිසි සාධාරණයක් ඉටු නොවූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය. මෙම අසාධාරණය සිදුව ඇත්තේ නිලධාරීන්ගේ ලිපි ගනුදෙනු වරදකින් බැවින් මේ ගැන නැවත වරක් අවධානය යොමු කර කඩිනම් විසඳුමක් ලබා දෙන ලෙස විපක්ෂ නායකවරයා මෙහි දී ඉල්ලා සිටියේය.