උණ්ඩියල් සහා හවාල ක්‍රමයට ලංකාවට ඩොලර් නොලැබෙන බවත් වර්තමානයේ වනවිට විදේශ විනිමය දුර්ලභ වී ඇති බවත් අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමට හා ණය ගෙවීමට ආණ්ඩුව ඩොලර් නැති බව පවසන සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අචාර්ය හර්ෂ ද සිල්වා මහතා කියා සිටියේ ආණ්ඩුව කොහෙද යන්නේ කියලා ආණ්ඩුවට කිසිම අවබෝධයක් නොමැති බවයි .

මුදල් අමාත්‍ය බෑසිල් රාජපක්ෂ මහතා පසුගියදා දිවයිනේ මාධ්‍යවේදීන් පැවසූ කරුණු උපුටා දක්වමින් අචාර්ය හර්ෂ ද සිල්වා මහතා වැඩි දුරටත් කියා සිටියේ ,

“බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිතුමා ශාම් නුවන් ගනේවත්ත මාධ්‍යවේදියාට ඉරිදා දිවයින පත්තරේට දීපු සම්මුඛ සාකච්ඡාව පිළිබඳව බොහෝ දෙනා බොහෝ අදහස් පළ කරන බවත් මෙතැනදී ණය ගෙවීම සම්බන්ධයෙන් සහ අවශ්‍ය ඩොලර් ලබාගැනීමට පිටකොටුවෙන් හෝ උණ්ඩියල් ක්‍රමයට ලංකාවට ඩොලර් ලැබෙනවා නම් ඒකේ කිසි ගැටළුවක් නොමැති බව බැසිල් ඇමතිවරයා පැවසූ බවත් ඔහු කියනවා දැන් කාලයේ විතරක් නෙමෙයි මීට කලිනුත් උණ්ඩියල් ක්‍රමයට හවාලා ක්‍රමයට පිටකොටුවේ මුදලාලිලාගෙන් ඔවුන් මුදල් ලබා ගත්ත කියලා එය තෙල් නැව් වලට ගෙවන්න උතුරු කොරියාවේ ආයුධ ගන්න සහ බුෂ් මාස්ටර් තුවක්කු වලට උන්ඩ ලබාගන්න බවත්ය . මෙතැන දී ඔහු කියනවා රජයේ ඉහළම නිලධාරියෙක් වෙච්ච සුමිත් අබේසිංහ ලේකම්වරයා සමඟ ඔහු පිටකොටුවේ ගිහිල්ලා මේවා කරයි කියලා. එහෙත් සුමිත් අබේසිංහ කියන ලේකම්වරයා ගැන මේ රටේ ඉන්න දන්න පුද්ගලයෝ දන්න බවද එතුමා 100%ක්ම හරි දේ කරන පුද්ගලයෙක්. ටික කාලයක් මුදල් අමාත්‍යංශය ඉඳලා සිටි බවත් කැබිනට් ලේකම් විදියටත් සිටියේය . ඔහු ගැන මේ රටේ කිසි කෙනෙක් ගැන කිසි දවසක වැරදි දෙයක් කියලා නැහැ. ප්‍රශ්නය ඊයේ ජී එල් පීරිස් විදේශ ඇමතිතුමා කියනවා බැසිල් ඇමතිතුමා කිව්වලු එතුමා එහෙම දෙයක් කිව්වේ නෑ ශාම් නුවන් ගනේවත්ත මනඃකල්පිත දෙයක් පත්තරේ ලියලා ද කියල අහන්න වෙලා තියෙනවා. හැබැයි ප්‍රශ්නය සහ උත්තරය දිවයින පත්තරේ මුද්‍රණය කරලා තියෙනවා .ඒ කෙසේ වෙතත් මෙතන තියෙන බැරෑරුම් ගැටලුව තමයි ආණ්ඩුව කොහෙද යන්නේ කියන එක පිළිබඳව කිසි කෙනෙක්ට අවබෝධයක් ” නොමැති බව මන්ත්‍රීවරයා පැවසීය .

වැඩි දුරටත් පැවසූ මන්ත්‍රීවරයා ,

“අපි දන්නවා ඩොලර් බිලියන 7 කට ආසන්න ප්‍රමාණයක් එන මාස 12ට ගෙවන්න තියෙනවා. ඒත් එක්කම අපි දැක්කා ගෙවුම් ශේෂයේ හිඟය ඩොලර් බිලියන තුනහමාර පන්නලා. අපිට අවශ්‍ය විදේශ විනිමය ඉතාමත්ම දුර්ලභ හොයාගන්න බෑ. එක පැත්තකින් අපිට අවශ්‍ය ආනයන වලට ගෙවන්න ඩොලර් නැහැ. අනිත් එක ණය ගෙවන්න ඩොලර් නැහැ .එතකොට මේ පසුබිම තියෙන අවස්ථාවක තමයි බැසිල් ඇමතිතුමා මේ කියන්නේ උන්ඩියල්, හවාලා ක්‍රමයට හරි ඩොලර් ලැබෙනවා නම් මේ ප්‍රශ්නය විසඳාගන්න පුළුවන් කියලා.”

එහිදී ගැටලු කිහිපයක් ඇති වෙන බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය .

“එකක් තමයි උණ්ඩියල් හා හවාලා ක්‍රමයට ඩොලර් ලංකාවට ලැබෙන්නේ නැහැ. මොකද උන්ඩියල් හවාලා ක්‍රමය කියන්නේ සෞදි අරාබියාවේ කෙනෙක්ට ඩොලර් සීයක් ලංකාවට එවන්න ඕන නම් සෞදි අරාබියාවේ කෙනෙක් හුවමාරුවක් කරගන්නවා ඩොලර් 100 ඒ ගනුදෙනුවට ප්‍රකාරව ලංකාවේ කෙනෙක් රුපියල් අර පුද්ගලයාගේ බැංකු ගිණුමට හෝ ගෙදරට ගිහින් දෙනවා මෙහිදී ඩොලර් ලංකාවට එන්නේ නෑ ඒකයි මෙහි තියෙන මූලික ප්‍රශ්නය බැසිල් ඇමතිතුමා විශ්වාස කරනවා නම් උන්ඩියල් ,හවාලා ක්‍රමයට ඩොලර් ලංකාවට එනවා ඒ එන ඩොලර් අපිට රජයට ලබාගන්න පුළුවන් කියලා ණය ගෙවන්නයි නොයෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ වලට ගෙවන්නයි කියලා ඒක එහෙම වෙන්නෙ නැහැ. ඒක නෙමෙයි හවාලා උන්ඩියල් ක්‍රමය කියන්නේ . රුපියල් දේශපාලන වශයෙන් ඩොලරයට සාපේක්ෂව 198 ත් 203ත් අතර තියාගෙන සිටීම හරහා ඇත්ත වශයෙන්ම ලැබෙන ඩොලර් ප්‍රමාණය අඩු වෙලා තියෙන බව . ගිය මාස පහට පමණක් ඩොලර් බිලියන 1.7 ක අඩුවීමක් තියෙනවා 2020 සාපේක්ෂව .දෙසැම්බර් මාසේ ගත්තොත් 60% ක අඩු වීමක් තියෙනවා. එහිදී ඩොලර් ලැබෙන ප්‍රමාණය සීග්‍රයෙන් අඩු වෙනවා. අද ආටිගල ලේකම්තුමා කියලා තියෙනවා පාකිස්තානය ඩොලර් මිලියන 200ක ණයක් ගන්න සාකච්ඡා කරනවා කියලා. ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක ණය එන සතිය ලැබෙයි කියලා එහෙම කෙටිකාලීන හුවමාරු හරහා ප්‍රශ්නය විසඳගන්න ඔවුන් උත්සාහ ගන්න බව” අචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා කියා සිටියේය .

මේ බව කියා සිටියේ ආර්ථිකයේ නිවරදි දිශාව විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේ දීය .