වත්මන් රනිල් රාජපක්ෂ රජය විසින් ලබන 22 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ඊනියා ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතට එරෙහිව අධිකරණය හමුවට යෑමට සමගි ජන බලවේගය තීරණය කර ඇති බව හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කරනවා.

මෙම පනතට එරෙහිව නඩු පැවරීමට නුදුරේදීම ක්‍රියාමාර්ග ගන්නා බවත් මේ වන විට ඒ සඳහා සැලසුම් සකස් කරමින් සිටින බවත් සමගි ජන බලවේගයේ ආර්ථික කමිටු ප්‍රධානී හර්ෂ ද සිල්වා මහතා ප්‍රමුඛ නියෝජිතයන් ප්‍රකාශ කර සිටිනවා.

එම කමිටුව පෙන්වා දී ඇත්තේ සියලු ජනතාව මැතිවරණයකට සුදානම්ව නව ආණ්ඩුවක් කෙරෙහි බලාපොරොත්තු දල්වාගෙන සිටින මොහොතක කඩිමුඩියේ රැගෙන එන මෙම ආර්ථික පරිවර්තන පනත රටට ඉතා අහිතකර කෙටුම්පතක් බවයි.