ඉරාන දේවස්ථානයට එල්ලකළ බියගුලු ත්‍රස්තවාදී ප්‍රහාරය හෙලාදකිමින් සහ එයින් පිඩාවට පත් පුද්ගලයින්ට ශෝකය පළකරමින් සමගි ජන බලවේගයේ මහා ලේඛම් රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් ප්‍රකාශයක් නිකුත් කර ඇත.

එම ප්‍රකාශයේ සදහන් වන්නේ,

ඉරානයේ ශිරාෂ් හි ෂා-ඉ-ෂෙරාග් දේවස්ථානයේ සිදුවූ ප්‍රහාරය පිළිබඳ පුවත ඇසීමෙන් ඉමහත් ශෝකයට හා කම්පනයට පත් වීමු.

මෙම බියගුලු ත්‍රස්තවාදී ක්‍රියාව හේතු කොට අහිංසක පුරවැසියන් දෙදෙනෙකුගේ ජීවිත අහිමි වූ අතර තවත් බොහෝ පිරිසකට තුවාලද සිදුවිය.

මෙම ප්‍රහාරය අතිශය දැඩි පිළිකුලකින් යුතුව හෙළා දකින අතර විපතට පත් වූවන්ගේ පවුල් වලට සහ ඉරාන ජනතාවට අපගේ බලවත් ශෝකය පළ කරමු.

මෙම ප්‍රහාරය ත්‍රස්තවාදයේ භයානකත්වය පිළිබඳව මෙන්ම මෙම ව්‍යසනයට එරෙහිව සටන් කිරීමට සියලු රටවල් එක්ව ක්‍රියා කිරීමේ අවශ්‍යතාවයද සිහිපත් කරවන්නකි.

Iran attack Iran attack