ඉරාන ජනාධිපති මොහොමඩ් රයිසි මහතාගේ අභාවය වෙනුවෙන් සොව පළ කරමින් පාර්ලිමේන්තුව විනාඩියක නිහඬතාවයක් ආරක්ෂා කළේය. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සභාව අමතමින් ශෝක ප්‍රකාශ යෝජනාවක් ඉදිරිපත් කිරීමත් සමඟයි

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා මෙම ශෝකප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියල්ලෝම අසුනින් නැගිට සොව පළ කිරීමට එක්වූහ.