ප්‍රමිතියෙන් තොර ඉමියුනෝග්ලොබියුලින් ඖෂධ ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවධානය යොමු විය යුතු අංශ කෙරෙහි අවධානය යොමුව නොමැති බව, වෛද්‍ය පරිපාලකයන්ගේ සංගමය පවසනවා.

අදාළ විමර්ශන නිසි පරිදි සිදුවනු ඇති බවට අපේක්ෂා කරන බව, එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න මහතා ප්‍රකාශ කළා.

වෛද්‍ය පරිපාලකයන්ගේ සංගමයේ ලේකම්වරයා වැඩිදුරටත් පැවසුවේ, ඉමියුනෝග්ලොබියුලින් ඖෂධ ගෙන්වීමේ සිද්ධියේ වංචාව සිදු වී අවසන් වී ඇති නමුත් එහි පරික්ෂණ සිදුවන ආකාරය ගැන යම් ගැටළුවක් පවතින බවයි.