ඉන්දියාවේ තිරිච්චි විශේෂ සරණාගත කදවුරක ආහාර වර්ජනය කරමින් විරෝධතාවයක නිරත වු ශ්‍රී ලාංකික සරණාගතයින් 17 දෙනෙකු 5 දා ගිලන් රථ මගින් තිරිච්චි රෝහලට ඇතුළත් කොට තිබේ.
මෙම සරණගත කදවුරේ රඳවා සිටින ද්‍රවිඩ සරණාගතයින් 104 දෙනෙකු නිදහස් කොට බන්ධනාගාරයක් බඳු නොවන කඳවුරකට මාරු කරණ ලෙස ඉල්ලමින් එහි සරණාගතයෝ දින කීපයක සිට විරෝධතාවයක නිරත වූහ.
මෙම සරණාගත කදවුරේ රඳවා සිටින්නේ 1990 වසරේදී ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට ගොස් සරණාගතභාවය ලබා ගැනීමෙන් පසුව එරටදී මත්ද්‍රව්‍ය චෝදනා හා වෙනත් අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පිරිසකි.
ඔවුව එහි රඳවා සිටින්නේ දඩි ආරක්ෂක විධි විධාන යටතේ නිසා ඔවුන්ව එම විශේෂ කඳවුරෙන් නිදහස් කොට සාමාන්‍ය කඳවුරකට දමන ලෙස ඉල්ලමින් ගත වූ මාස තුනක කාලයක සිට වරින් වර විරෝධතා දැක් වූ අතර මෙවර ආහාර වර්ජනයකද නිරත වෙමින් ගෙන ගිය විරෝධතාවය මැද ඔවුන්ගෙන් 17 දෙනෙකු රෝගී වීම නිසා ඔවුන්ව රෝහල් ගත කොට තිබේ.