ජනවාරි මාසේ 10 වෙනිදා කැබිනට් සංශෝධනයක් වීමට ඉඩ ඇති බවට පුවත්පත් වාර්ථා කර ඇති බවත් එහිදී ලොකු වෙනසක් සිදු නොවන බවත් සමගි ජන බලවේග මාධ්‍ය ප්‍රකාශක එස්.එම් මරික්කාර් මන්ත්‍රීවරයා (06) දින විපක්ෂ නායක කාර්යාලයේ දී පැවසීය.එහිදී එකම කාඩ් කූට්ටම ආයෙ අනන බවත් ඒ බූරුවො ටිකත් ජෝකර්ලා ටිකත් එහි ඉන්නා බව ද පැවසීය.
කෙසේ වෙතත් ආසියයි ජෝකර්වයි මාරු කරලා හේරයි බූරුවයි මාරු කරා කියලා ලොකු වෙනසක් වෙන්නේ නැහැ. එකම සෙට් එකමයි මාරු කරන්නේ ඒ නිසා මේ ආණ්ඩුව ඇතුලේ ඉන්න අයටත්, එළියෙ ඉන්න අයටත්,මහජනතාවටත් එපා වෙලා අප්පිරිය වෙලා. එම නිසා සජිත් ප්‍රේමදාස මැතිතුමා මාස දෙකකට කලින් මැතිවරණයක් තියන්න කියනකොට මොලේ පරික්ෂා කරගන්න කියපු උදවියට පවා අද සිද්ධ වෙලා ජනවරමක් ටෙස්ට් කරන්න මැතිවරණයක් තියන්න කියන ලෙවල් එකට ඇවිත් ඇතැයි පැවසීය.
එක එක රටවල් වල අර්බුදයත් සමග බඩු මිල ඉහළ යෑම හමුවේ ඇමති මණ්ඩල අස්වෙලා ඒ නිසා මේ රටේ ජනතාව කැමැති අරයා මාරුකරලා මෙයා ගේන එකට නෙමෙයි මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ විකල්ප වැඩපිලිවෙලක් තියෙන කණ්ඩායමකට ඒක මොකක්ද කියන එක දැනගන්න මිනිස්සු කැමති වගේම ඒක ප්‍රායෝගිකව කරන්න පුළුවන් වැඩපිළිවෙළක් ද කියන එක තීරණය ගන්න ජනතාව සූදානම් බවත් ඒ නිසා කෑ ගහලා විතරක් මදි ජනතාව බලාගෙන ඉන්නේ කතිරයෙන් ගෙදර යවන්න එසේ ගෙදර යවලා ගේන්න බලාපොරොත්තු වෙන්නේ වැඩ කරන්න පුළුවන්, රට ගොඩ දාන්න පුළුවන්, රටට ඇත්තටම ආදරේන් ඉන්න මිනිස්සු කණ්ඩායමක් ගේන්න. එම විකල්ප කණ්ඩායම නිර්මාණාත්මක ක්‍රියාශීලීත්වයෙන් පිරිපුන් කුසලතාවෙන් සහ නිපුණතාවයෙන් පිරිපුන් තරුණ කණ්ඩායමකට ජනතාව බලේ දෙන්න ලෑස්තියි . ඒ වැඩපිළිවෙළ කරන්න පුළුවන් කණ්ඩායම ඉන්නේ සමගි ජන බලවේගයේ බවත් එවැනි කණ්ඩායමක් හිටියට වැඩකුත් නැතැයි මේ ආර්ථික ප්‍රපාතයෙන් ගොඩ එන්න නම් අනිවාර්යෙන්ම ඩොලර් අර්බුදය විසදගන්න ඕන බවත් එයට ජාත්‍යන්තරය එක්ක ගනුදෙනු කරන්න පුළුවන් විශ්වාසය ගන්න පුළුවන් කණ්ඩායමක්, වැඩකාර හැඩකාර විප්ලවකාරී තරුණ කණ්ඩායම සිටින්නේ සමගි ජන බලවේගයේ පමණක් බවත් ජාත්‍යන්තර විශ්වාසය සහ ක්‍රියාශීලිත්වය සහිත වැඩපිළිවෙළක් තියෙන්නේ ද මේ රටේ විකල්ප ආණ්ඩුව වන සමගි ජන බලවේගයට බවද පැවසීය.