ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවෙන් පසුව වැරදිකරුවන්ට තවදුරටත් මුදල්, වරප්‍රසාද ලබාදීම පිළිබඳව විසුමක් කිරීම සඳහා ලිපියක් භාරදීමට, අද (17) දින ජනාධිපති කාර්යාලයට දූෂණ විරෝධී බලවේගයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මැතිතුමා ඇතුළු පිරිසක් ගොස් තිබේ.

දූෂණ විරෝධී බලවේගය දූෂණ විරෝධී බලවේගය දූෂණ විරෝධී බලවේගය

ඒ ශ්රී ලංකාවේ ආර්ථික අර්බුදය පිළිබඳව සමගි ජන බලවේගයට අනුබද්ධිත ජනතාවාදී බුද්ධි මණ්ඩපයේ සාමාජිකයන් පිරිසක් විසින් ගොනු කරන ලද පෙත්සමට අනුව 2023.11.15 දින නඩු තීන්දුව ප්රකාශයට පත් කරමින් ගරු ශ්රේෂ්ඨාධිකරණය ඒ සම්බන්ධව පහත සඳහන් පුද්ගලයින් වගකිවයුත්තන් බවට තීන්දු කොට ඇත.

1. තනතුර අතහැර ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ
2. හිටපු ජනාධිපති, අගමැති, මුදල් ඇමති මහින්ද රාජපක්ෂ
3. හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ
4. හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්
5. හිටපු මහ බැංකු අධිපති ඩබ්. ලක්ෂ්මන්
6. හිටපු ජනාධිපති ලේකම් හා මුදල් අමාත්යාංශයේ ලේකම් පී. බී. ජයසුන්දර
7. හිටපු මුදල් අමාත්යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගල සහ එවකට ක්රියාත්මක වූ මූල්ය මණ්ඩලය

එම නඩු තීන්දුවේ දී පෙත්සම්කාර පාර්ශවයන් වෙතට රු. 150,000.00 බැගින් වූ වන්දි මුදලක් ගෙවීමට ගරු ශ්රේෂ්ඨාධිකරණය විසින් වගඋත්තරකරුවන්ට නියෝග කොට ඇත.

එම නඩු තීන්දුව අනුව රටේ ආර්ථික අර්බුදය නිර්මාණය වූයේ ඉහත සඳහන් වගඋත්තරකරුවන්ගේ තීරණ, තීන්දු හා ක්රියාකලාපයන් නිසා බව පැහැදිලි වේ.

1. එකී පිරිස ඔවුන් දැරූ තනතුරු වලට අදාළව විශ්රාම ගැනීමෙන් පසුව ලබාදෙන වරප්රසාද තවදුරටත් භුක්ති විදීම මේ අනුව සිදු නොවිය යුත්තකි. විශ්රාම ගිය ජනාධිපතිවරයාට, තනතුර අතහැර ජනාධිපතිවරයාට සහ ඉල්ලා අස් වූ මුදල් ඇමතිවරයාට ජනතාවගේ බදු මුදලින් ලබා දෙනු ලබන විශ්රාම වැටුප්, නිල නිවාස, නිල වාහන, ආරක්ෂාව ඇතුළු අනෙකුත් සියලුම දීමනා වහාම නතර කිරීමට පියවර ගන්නා මෙන් ඉල්ලා සිටිමු.

2. එමෙන්ම මෙම තීන්දුව මගින් වරදකරුවන් බවට පත්කොට ඇති මුදල් අමාත්යාංශයේ ලේකම්වරුන් දෙදෙනාට සහ මහ බැංකු අධිපතිවරුන් දෙදෙනාට මහජන බදු මුදලින් ලබා දෙන විශ්රාම වැටුප් සහ වෙනත් දීමනා ඇත්නම් ඒවාද අත්හිටුවන මෙන් ඉල්ලා සිටිමු.

3. ගරු ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවට අනුව වරදකරුවන් වූ ඉහත සඳහන් පුද්ගලයින් හට රට බංකොලොත් කිරීමේ වරදට සුදුසු දඬුවම් පැමිණවීම සහ වෙනත් නෛතික ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය නිර්දේශ ලබාගැනීමට පූර්ණ බලතල සහිත විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පත්කිරීමට ගරු ජනාධිපතිතුමාට මෙම ලිපිය යොමු කරන ලෙස ද ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසද ඉල්ලා සිටිමු.

දුෂණ විරෝධී බලවේගය දුෂණ විරෝධී බලවේගය