පසුගිය ජනාධිපතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ගෝඨාභය රාජපක්ෂට ඡන්දය ලබා දුන් විශාල ප්‍රමාණයක් මේ වන විට සමගි ජන බලවේගය සමඟ එකතුවෙමින් සිටින බවත් මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ සමගි ජනබලවේගයේ ආසන සංවිධායකවරු සියලු දෙනා විශාල කැපවීමකින් යුතුව වැඩකටයුතු සිදුකරමින් තිබෙන බවත් එළඹෙන මැතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතාට ඡන්ද ලක්ෂ 7 ත් 8 ත් අතර ප්‍රමාණයක් ලැබීමට නියමිත බවත් නාලක ගොඩහේවා මහතා පවසනවා.
නාලක ගොඩහේවා මහතා මෙම අදහස් ප්‍රකාශ කර සිටියේ ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජනබලවේගයේ සූදානම සහ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව මාධ්‍ය දැනුම්වත් කිරිම සඳහා පසුගිය දා (24) විශේෂ මාධ්‍ය හමුවක් කෝට්ටේ සමගි ජනබලවේග ප්‍රධාන කාර්යාලයේ පැවැත්වූ අවස්ථාවේදීය. එම මාධ්‍ය හමුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රංජිත් මද්දුම බණ්ඩාර , හර්ෂණ රාජකරුණා , අජිත් මාන්නප්පෙරුම , නාලක ගොඩහේවා යන මහත්වරුන් සහ සමගි ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම සංවිධායකවරු එක්ව සිටියහ.
බලයට පැමිණි දවසේ සිට රටේ ජනතාවට අසත්‍ය ප්‍රකාශ සිදුකරන රනිල් වික්‍රමසිංහ, රට ආර්ථික අර්බුදයෙන් ගොඩ ගත්තේ ඔහු කීමත් සම්පුර්ණයෙන්ම අසත්‍යක් බවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ සාකච්ඡා මුල් වරට ආරම්භ කලේ රනිල් වික්‍රමසිංහ නොවන බවත් ඔහු මේ වන විට සිදුකරමින් තිබෙන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල දුන්න බෙහෙතේ වට්ටොරුව රෝගියාට හොදයිද නැද්ද යන්න පිළිබඳව කිසිඳු තැකීමක් නොකොට බලහත්කාරයෙන් ජාත්‍යන්තර අරමුදලේ න්යායපත්ර රටතුල ක්‍රියාත්මක කිරීම බවත් නාලක ගොඩහේවා මහතා වැඩිදුරටත් පැවසීය.
“රට ගොඩගැනීමට ඇති එකම විකල්පය සජිත් ප්‍රේමදාස මහතා නිසා අපි එතුමාට සහාය ලබාදෙන්න කටයුතු කළා. ඒ තීන්දුව අපි ගත්තේ බොහෝ කරුණු කාරනා සොයාබලලා. ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපෙක්ෂකයන් අතරින් රටේ ආර්ථිකය ගැන දැනුමක් තිබෙන, රටේ ජනතාව ගැන කැක්කුමක් තිබෙන, රට ඉදිරියට ගෙනයාමට හැකි කණ්ඩායමක් සිටින්නේ සජිත් ප්‍රේමදාස මහතාට පමණයි. ඒ මතවාදය මත සිටිමින් අපි තිරණය කරලා තිබෙනවා මෙවර ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට පූර්ණ සහාය ලබාදෙන්න”