කලින් විමසිල්ලෙන් සිටියානම් ආපදවන් රක්ෂණ කරන්නට හැකි බවත් එය ආණ්ඩුව නොදන්නා බවද විපක්ෂයේ උදව් ආණ්ඩුවට අවශ්‍ය නම් හැකි ඉක්මනින් ආපදා කළමණාකරණ කමිටුව පත් කරන ලෙස ද සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය .

මෙසේ කියා සිටියේ අද (23) විපක්ෂ නායක කාර්‍යලයේ දීය .

වැඩි දුරටත් පැවසූ ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා ,

“මේ ආපදාවන් රක්ෂණය කරන්න පුළුවන් ඒවා ආණ්ඩුව දන්නෙ නැහැ යම්කිසි ආපදාවක් කළින් දැනගත්තානම් එය රක්ෂණය කරන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා එයට රජයක් හැටියට විමසිල්ලෙන් ඉන්න ඕන සජිත් ප්‍රේමදාස මැතිතුමා ජනවාරි 24 පෙබරවාරි 5 වැනිදා කිව්වා මෙහෙම වසංගතයක් දකුණු දිග ආසියාවෙන් ආරම්භ වෙලා තියෙනවා මේ ලංකාවටත් එනවා අපේ රට අපේ රට බේරගන්න පුලුවන් කියලා එතුමා පැහැදිලිව කිව්වම ආණ්ඩු පක්ෂයේ අය හිනා උනා ඒ අය කෝවිඩ් ගැන අහලවත් නෑ එම නිසා රජයට නැවතත් කියනවා ප්‍රමාද වෙලා හෝ ආපදා කළමනාකරණ කමිටුව පත් කරන්න. රාජාසන කතාව පුස්සක් ඒක ගැන කතා කරන්න දෙයක් නැහැ නමුත් රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්න වලට ඩොලර් අර්බුදයට විදුලි අර්බුදයට ගෑස් අර්බුදයට ජීවන වියදම් ප්‍රශ්නයට කිසිම උත්තරයක් නැහැ මොනවද කිව්වේ 2030 සම්පූර්ණ වන ඒවා ඩිජිටල්කරණ පුනර්ජනනීය බලශක්තිය වරාය නගරය ගැන කතා කළා එහි එක ගොඩනැගිල්ලක් තාම හදලා නැහැ එදා ජනතාවට විවෘත කළේ මංතීරුවක් පමණයි මෙම වරාය නගරය අවසන් වෙන්නේ 2035 ඊට කලින් සත පහකවත් ආදායමක් අපේ රටට එන්නේ නැහැ ඒකට ගිය මුදල් ,හම්බන්තොට වරායට ගිය මුදල්, මේ වගේ මත්තල ගුවන් තොටුපළට ගිය මුදල්, කොළඹ නෙළුම් කුළුණ ගිය මුදල්, ඒවාගෙන් තමා අවුරුදු දහයකට කිසිම ලාබයක් එන්නේ නැහැ පොලිය ගෙවන ඇරෙන්න ආණ්ඩුවට විකල්පයක් නැහැ. අවුරුදු ගාණක් ඉදිරියට කරන ඒවා ගැන නෙමෙයි මේ මාස තුන හතරක් ඉදිරියට කරන ඒවා ගැන හිතලා බලන්න මේ සතියේ ඉන්ධන නැහැ පැය 4 ක විදුලි කප්පාදුවක් තියෙනව මේවට මොකක්ද උත්තර.කන්ටේනර් දාහක් පමණ වරාය හිර වෙලා ඒවට උත්තර නැහැ පිටරට විශ්ව විද්‍යාල වල ඉගෙන ගන්න ළමයින්ට මුදල් ලබාගන්න බැහැ ඒ අය අනාථ වෙලා ජීවිතේ වටිනාම කාලය ඒවාට ප්‍රශ්න ඒවට විසඳුම් ජනාධිපතිතුමාගේ කථාව නැහැ.

රජය අපෙන් උදව් ඉල්ලනවා උදව් අවශ්‍ය නම් 2005 ආපදා කළමනාකරණ පනත යටතේ එම කමිටුව ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පත් කරන්න ඒ තුළ අපි ඒ අවශ්‍ය සහයෝගය දෙනවා අපට ඒ සඳහා තවම ස්ථානයක් නැහැ පාර්ලිමේන්තුවේ කතා කරනවා විතරයි ඒක තමයි එදා සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා කළෙු එතුමා තමයි මුලින්ම පාර්ලිමේන්තුවට කෝවිඩ් වසංගතය ගැන දැනුම් දුන්නේ එතකොට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු මේ ගැන අහල තිබුනෙත් නැහැ හිනා උනා මුඛ ආවරණ පළඳින්න කිව්වම හිනා උනා අවශ්‍ය නැහැ කිව්වා මේ අඩුපාඩු පාර්ලිමේන්තුවේ පෙන්නන්නෙ නැතුව කමිටුව ඉදිරියේ පෙන්නන්න තිබුණා එහිදී කමිටුව තීරණ ගන්නවා ඒවා ක්‍රියාත්මක වෙනවා නමුත් මේ අය තනිවම අහංකාරකමට විපක්ෂය අවශ්‍ය නැහැ කියලා තනියම කරන්නම් කියලා බාර ගත්තා දැන් රට අනතුරේ කලින් කිව්ව වගේ වසංගතය නැවතත් පැතිරෙන්න පටන් අරගෙන මම දැනුත් කියනවා ප්‍රමාද වෙලා හෝ මේ ආපදා කළමනාකරණ කමිටුවක් පත් කරන්න.”