එළබෙන සිකුරාදා දිනට පාස්කු ප්‍රහාරය සිදු වී දින 1000ක් ගත වෙන බවත් එහෙත් වත්මන් ආණ්ඩුව සාධාරණ පරික්ෂණයක් මේ දක්වා ඉටු නොකර බවයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා කියා සිටින්නේ .

ඔහු කියා සිටියේ මෙම ප්‍රහාරයෙන් 300කට වැඩි මිනිස් ජිවිත අහිම් වී 500කට වඩා පිරිසක් ආබාධිත තත්ත්වයට පත්වු බවයි .

වත්මන් රාජපක්ෂ ආණ්ඩුව බලයට පැමිණියේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණයක් ඉටු කරන බවට ප්‍රකාශ කරමින්, ඡන්ද පොරොන්දු ලබා දිමෙන් බවත් එහෙත් පාස්කු ප්‍රහාරයේ සම්බන්ධ විමර්ශන කොමිසම් සභාව ලබා දුන් වෙලුම් 22ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන්නේ ඇයිදැයි ප්‍රශ්න කර සිටි කවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා කියා සිටියේ මෙය ඉදිරිපත් නොකරමින් හිතාමතාම ආණ්ඩුව පාස්කු ප්‍රහාරය යට ගැසිමට කටයුතු කරමින් සිටින බවයි .

ප්‍රස්කු ප්‍රහාර විමර්ශන කොමිසම් සභාවේ සදහන් පරිදි හිටපු ජනාධිපති මෙෙත්‍රිපාල සිරිසේන
මහතාට හා නිලන්ත ජයසුරිය මහතාට නීතිය ආණ්ඩුව ක්‍රියාත්මක නොකරන්නේ ඇයිදැයි කවින්ද ජයවර්ධන මහතා ආණ්ඩුවෙන් ප්‍රශ්න කර සිටියේ ය.

එක රටක් එක නීතියක් හරහා රට බෙදීමට කටයුතු කරමින් සිටින බවද මන්ත්‍රීවරයා ආණ්ඩුවට චෝදනා කළ සිටියේ ය.

වැඩි දුරටත් කියා සිටියේ ආණ්ඩුව ඉදිරිපත් නොකර සිටින වෙලුම් 22 සමගි ජන බලවේග ආණ්ඩුවක් බලයට පැමිණි පසු ඉදිරිපත් කරන බවත් සමගි ජන බලවේග ආණ්ඩුවක් මගින් පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණය ඉටු කරන බවද මන්ත්‍රීවරයා කියා සිටියේය .

සටහන – CJ