ආණ්ඩුවට රටේ මුලික ප්‍රශ්න විසදීමට හැකියාවක් නොමැති බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි .

ඔහු වැඩි දුරටත් කියා සිටියේ ,

“අපි දන්නව මේගොල්ලෝ අද හතරගාතේ ගාගෙන ඉන්නේ මේ ආණ්ඩුවට මොනවාද කරන්න පුලුවන් කියල කියන්න. පුළුවන් දෙයක් ඇත්තෙම නැහැ කයිවාරු ගහන්න විතරයි පුළුවන්. අද රටේ විදුලිය නැහැ ,තෙල් නැහැ නෑ ,අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නැහැ සිමෙන්ති නැහැ මොනවද තියෙන්නේ ඩොලර් නැහැ. ඇති කිසිදෙයක් නැහැ .මේ දවස් වල උසස් පෙළ විභාගයට දරුවෝ ලියනවා .විදුලිය ගියාම කුප්පි ලාම්පු පත්තු කරනවා දැන් එක පත්තු කරන්නත් භූමිතෙල් නැති වුණොත් මොකද කරන්නේ. කොළඹ දර මැස්ස වල් ගහන්න බැහැ. ඉටිපන්දම් පත්තු කරන්නත් බැහැ. මිනිස්සු විශාල වේදනාවකින් ඉන්නේ. ව්‍යාපාර කඩා වැටිලා. ඩී පීෂර් එක තියන මස් ටික මාළු ටික කුණු වෙනවා. එහි තිබෙන අනෙකුත් ද්‍රව්‍ය කුණු වෙනවා. සැලුන් එකක් කරන තරුණයාට ඒක කරගන්න විදිහක් නෑ ,රූපලාවන්‍ය ශිල්පියෙකු එම රැකියාව කරගෙන යන්න බැහැ. කර්මාන්තකරුවන්ට කර්මාන්ත කරන්න බැහැ. පැය හතරක් විදුලිය කැපුවම කොහොමද රටක් දුවන්නේ .CTB , ප්‍රයිවෙට් බස් එකට තෙල් ටික ගහගන්න විදියක් නැහැ කොහොමද රටක් දුවන්නේ. ඒ නිසා පැහැදිලිවම අද රට අකර්මණ්‍ය වෙලා shatdown වෙලා තියෙන බව” මන්ත්‍රීවරයා පැවසීය

තව දුරටත් කියා සිටියේ ,

“මේ දවස් වල ළමයින්ට සූම් තාක්ෂණය ඔස්සේ උගන්වනවා නමුත් අද බලනකොට ගුරුවරයාගේ ගෙදර කරන්ට් එක නැහැ. ළමයි උදේ ලෑස්ති වෙනකොට කරන්ට් කපලා. කොහොමද මෙහෙම රටක් යන්නේ. මේ වෙලා තියෙන්නේ තාක්ෂණික ප්‍රශ්නයක් ද? අපේ කාලයේ ලයිට් ගියාම බෙරිහන් දීලා ඇඩුවා ඒකත් තාක්ෂණික ප්‍රශ්නයක් නිසා . අපේ කාලයේ බලාගාර වලට ඉන්ධන නැතුව කරන්ට් එක කපන්න වුණේ නැහැ. මේගොල්ලෝ දැන් බයිල කියනවා. බලාගාර වලට ඉන්ධන ටික දී ගන්න බැහැ ඒ දෙන ටිකක් දෙන්නේ කෝටා ක්‍රමයට. ඊයෙ දීපු එකත් එක බලාගාරයකට දවස් හයකටයි ඇති වෙන්නේ. කොහෙටද මේ රට යන්නේ. කොහොමද මේක කරන්නේ එයට වගකිව යුත්තෙක් ඉන්නවද, කාගෙන්ද මේක අහන්නේ. විදුලිබල ඇමතිවරයා සතියක් තිස්සේ අපිත් හොයනවා. මිනිහා නැහැ මිනිහ ඇද යට කරුවලේ ඒ තත්ත්වයට අද රට වැටිලා තියෙන බව” නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා පවසා සිටියේ ය.