කතානායකයරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විදුලි බල පනත සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු සහ යෝජනා සම්බන්ධයෙන් සමස්තයක් ලෙස ගත් කළ මේ පනතේ බරපතල ගැටලු ඇති බවක් පෙනෙන්ට තිබෙන බවත් ඒ නිසා 2/3ක යා යුතු වුවත් වත්මන් රජයට 2/3ක් නොමැති නිසා කලබලයට බ්‍රහස්පතින්දාම මෙම පනත ගේන්නේ නැතිව අධිකරණය ඉදිරිපත් කරන ලද යෝජනා විධිමත්ව පරිශීලනය කර යහපත් ලෙස ගැනීමට කටයුතු කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ දී කතානායකවරයා විසින් විදුලි බල පනත සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුවය.

ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කර ඇති නිරීක්ෂණ සම්බන්ධ අවබෝධයක් ලබා ගෙන මෙරට ජනතාවට අඩුම මිලකට කාර්යක්ෂමව විදුලිය සැපයීම හා විදුලි බල ක්ෂේත්‍රය පාඩු නොලබා යා හැකි ප්‍රශස්ත ක්‍රමවේදයක යන ආකාරය සම්බන්ධයෙන් සොයා බලන ලෙසත් මෙම අඩුපාඩු මඟහරවා ගත යුතු නිසා මෙය බ්‍රහස්පතින්දා නොගෙන තවදුරටත් පරිශීලනය කර කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටියේය.

එසේම තමාගේ බ්ලූ ප්‍රින්ට් ආර්ථික සැලසුම තුළ විකුණා දැමීම් ගැන සදහන් නොමැති වුවත් මෙරට පාරිභෝගිකායට අඩුම මිලකට අඩුම පිරිවැයකට සාධාරණ ක්‍රමවේදයක් තුළ විදුලිය සැපයීමේ අයිතිය ඇති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී කියා සිටියේය. එබැවින් අනීතිකිව මෙම පනත සම්මත කර ගැනීමට උත්සාහ කරන්නේ නම් එය පරාජය කරනා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.