අරගලකරුවන් විසින් ගාලුමුවදොර පිටියේ ජනතාවගේ පහසුව සඳහා ඉදිකර තිබෙන ඉදිකිරීම්වලට සිදු කරන ලද හානිය රුපියල් මිලියන 06 කට වඩා වැඩි බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.
වරාය , නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය නිකුත් කරමින් සඳහන් කරන්නේ, අමාත්‍යවරයා එහි සිදු කළ විශේෂ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව මෙම කරුණු අනාවරණයවී ඇති බවයි.
ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ජනතාවගේ ප්‍රයෝජනය සඳහා ගාලුමුවදොර පිටියේ ඉදිරිකර තිබෙන නව වෙළඳසැල්, උද්‍යාන අලංකරණ ඉදිකිරීම්, ආසන, බැමි හා අනෙකුත් ඉදිකිරීම්වලට අරගලකරුවන් විසින් සිදුකර ඇති හානිය නිරීක්ෂණය සඳහා අමාත්‍යවරයා එක්වී ඇති අතර එහිදී නිලධාරීන් සඳහන් කර ඇත්තේ සිදුවී ඇති හානිය රුපියල් මිලියන 6 කට වැඩි බවයි.
ඒ අනුව වෙළඳසැල් සඳහා සිදුකොට ඇති හානිය ඉතා කඩිනමින් පිළිසකර කර නියමිත ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා ප්‍රසම්පාදන ක්‍රමවේදයෙන් තොරගන්නා ව්‍යාපාරිකයින්ට ලබාදීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
අදාළ නිවේදනය පහතින්,