අරාබි රටවලින් තෙල් ගන්න කතා කරන වත්මන් රජය පසුගිය කාලයේ මුස්ලිම් විරොදයක් ඇති කරමින් බලයට පැමිණ සිදුකල රාජතාන්ත්‍රික හානි ඇති විශාල බවත්. පසුගිය කොරෝන සමයේ මියගිය මුස්ලිම් භක්තිකයන්ගේ දේහයන් භූමිදානය කිරීමට ඉඩ දෙන ලෙස යුනිසෙෆ් ආයතනය, එක්සත් ජාතීන්ගේ සංවිධානය නිර්දේශ නිකුත්කරන විට ලෝක අරාබි නායකයන් ජනාධිපතිගෙන් ලිඛිතව ඉල්ලීමක් කරන විට ඒ සියලු ඉල්ලීම් ප්‍රතික්ෂේප කර විවිධ පුද්ගලයන්ගේ මතයන්ට යටත්ව කටයුතු කර දැන් අරාබි රටවලින් සහන දෙන්න යිඕ ඉල්ලා සිටීම විහිලුවට කරුණක් බව ඊයේ (23) පවතී මාධ්‍ය හමුවට එක්වෙමින් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මන් මහතා පැවසීය.

කටාර් රාජ්‍යයේ රජතුමා විසින් මෙරට දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ලබා දෙන ඩොලර් මිලියන 300ක අරමුදල එක්තරා බික්ෂුවකගේ බොරු චෝදනා මත රජය විසින් තහනම් කල බවත්, එම අරමුදල තහනම් කිරීමට පෙර මසකට ඩොලර් ලක්ෂ දෙකක් අසරණ ළමුන් වෙනුවෙන් වියදම් කල බවත් පැවසූ ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ වත්මන් රජය කටාර් රාජ්‍යයේ එම අරමුදලට ත්‍රස්තවාදී ලේබලය අලවා එම මුදල රාජසන්තක කල බවයි.

එහි දී ඒ මහතා මෙසේද පැවසීය.

පසුගියදා අගමැතිවරයා කටාර් තානාපති වරයා හමුවී උදව් ඉල්ලපු වෙලාවේ ඒ තානාපතිවරයා කිව්වේ ඔයාලගේ රජය අපිට ත්‍රස්තවාදී චෝදනා එල්ලකරලා අපේ ඩොලර් මිලියන 300ක අරමුදල රාජසන්තක කරා එහෙම තත්වයක් මත අපි උදව් කරන්නේ කොහොමද? ඇහුව. ඒ වෙලාවේ අගමැතිවරයා කිව්වෙ සතියෙන් ඒ ප්‍රශ්නය විසදනවා කියල ඒත් තාම නෑ.

මොදිගේ ගැටලුවත් ඒ වගේ. එක පැත්තකින් අරාබි රටවල් තරහ කරගෙන දැන් ඉන්දියාවත් තරහ කරගෙන. මෙහෙම රටවල් ගෙනියන්න බැරි බව එම මහතා අවදාරණය කර පැවසීය.