බංග්ලාදේශ අන්තර්වාර රජය මෙහෙයවීමට, අන්තර්වාර අග්‍රාමාත්‍යවරයා ලෙස නොබෙල් සාමත්‍යාගයෙන් ද පිදුම් ලැබූ මුහම්මද් යූනුස් පත් කරන බව, බංග්ලාදේශ ජනාධිපති මොහොම්මද් ෂහබුදීන් පවසා ඇත.

ඒ බංග්ලාදේශයේ විරෝධතා පවත්වන ශිෂ්‍ය සංගම් ඇතුළු සෙසු සිවිල් සංවිධාන කළ ඉල්ලීම සැලකිල්ලට ගනිමිනි.

ශිෂ්‍ය විරෝධතා හමුවේ, බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය ෂෙයික් හසීනා, අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වී, රටින් ද පලා යෑමෙන් පසු, හමුදාව විරෝධතාකරුවන්ට පැවැසුවේ, තමන් මැදිහත් වී අන්තර්වාර රජයක් පිහිටුවන බවය.

කෙසේ නමුත් විරෝධතාකරුවෝ ඊට දැඩි ලෙස විරෝධය දැක්වූ අතර, ඔවුන්ගේ එක හඬින් කියා සිටියේ අන්තර්වාර අග්‍රාමාත්‍ය ලෙස මුහම්මද් යූනුස් ත් කළ යුතු බවය.

ඒ අනුව, බංග්ලාදේශ ජනාධිපති මොහොම්මද් ෂහබුදීන්, ශිෂ්‍ය සංගම් නායකයන්, ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්, විපක්ෂ දේශපාලන නායකයන් අතරේ හමුවක් පැවැත්වුණු අතර, සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූ මුහම්මද් යූනුස් අන්තර්වාර අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීමට කැමැත්ත ලබා දුන් බව පැවැසෙයි

1940 ජූනි 28 උපන් මුහම්මද් යුනුස් බංග්ලාදේශ ව්‍යවසායකයෙක්, බැංකුකරුවෙකු, ආර්ථික විද්‍යාඥයෙක් සහ සිවිල් සමාජ නායකයෙකි. ග්‍රාමීන් බැංකුව ආරම්භ කිරීම සහ ක්ෂුද්‍ර ණය සහ ක්ෂුද්‍ර මූල්‍ය සංකල්පවල පුරෝගාමිත්වය වෙනුවෙන් යුනුස් හට 2006 වසරේ නොබෙල් සාම ත්‍යාගය පිරිනමන ලදී. යූනුස් එක්සත් ජනපදය ඇතුළු තවත් ජාතික හා ජාත්‍යන්තර ගෞරව කිහිපයක් ලබා ඇත. ඔහු ප්‍රථමයෙන් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ෆුල්බ්‍රයිට් ශිෂ්‍යත්වයක් ලබා ගත් අතර පසුව 2009 දී එක්සත් ජනපද ජනාධිපති නිදහස් පදක්කම සහ 2010 දී කොන්ග්‍රස් රන් පදක්කම ලබා ගත්තේය. 2020 දී, ඔහු ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික පරිත්‍යාගයෙන් ලිපියකට ද අත්සන් කළේය.