සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතාගේ පියා වන අභාවප්‍රාප්ත, හිටපු අමාත්‍ය දොස්තර ජයලත් ජයවර්ධන මහතාගේ 11 වැනි ගුණ සමුරුව නිමිති කර ගෙන ජාඇළ වැලිගම්පිටිය ශාන්ත ආනා දේවස්ථානයේ පැවැති ගුණ සමුරු පිංකම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දා සහභාගී විය.
ඒ පසුගිය මැයි 29 වැනිදා සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 208 වැනි අදියර යටතේ මීගමුව කැපුම්ගොඩ ශාන්ත අන්තෝනි කණිෂ්ඨ ද්විතීයික විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක් ලබා දිමේ අවස්ථාවෙන් අනතුරුව ය. මෙම සක්වල වැඩසටහන එදින ක්‍රියාත්මක වූයේ ද දොස්තර ජයලත් ජයවර්ධන මහතාගේ 11 වැනි ගුණ සමුරුවට සමගාමීව ය.
ජාඇළ වැලිගම්පිටිය ශාන්ත ආනා දේවස්ථානයේ පැවැති ගුණ සමුරුව අවස්ථාවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දොස්තර ජයලත් ජයවර්ධන මහතාට පුෂ්පෝහාර දැක්වීම ද සිදු කළේය.