හජ් සුභාශිංසන පණිවිඩය
අන්‍යෝන්‍ය වශයෙන් මිනිසුන් අතර පැවැත්විය යුතු දයාව, සෙනෙහස, ආදරය යනාදී බැඳීම්වල මහිමය පිළිබඳ පුළුල් ආදර්ශයක් සපයන හජ් උත්සවය සමරණ ශ්‍රී ලංකා වාසි සහ සකල ලෝක වාසි ඉස්ලාම් බැතිමතුන්ට සතුට සමාදානය සහ සැනසිල්ල ප්‍රාර්ථනා කරමි.
හජ් යනුවෙන් හඳුන්වන්නේ මුස්ලිම් බැතිමතුන් විසින් වාර්ෂිකව සිදු කරනු ලබන මක්කම වන්දනාවයි. එය මුස්ලිම් ධර්මයේ පස්වෙනි කුළුණ ලෙස සලකනු ලබන අතර සෑම ධනවත්, ශක්තිමත් මුස්ලිම් ජාතිකයෙකු විසින්ම තම ආයුකාලය තුලදි එක වරක්වත් එය ඉටු කිරීමට බැඳී සිටි.
මනුෂ්‍යත්වය හා දේවත්වය අතර පවත්නා උත්කෘෂ්ට බැඳීම විචිත්‍ර ආකාරයෙන් පිළිබිඹු කෙරෙන උත්සවයක් ලෙස හජ් උත්සවය හදුන්වාදිය හැක.
මෙවර සමස්ථ ශ්‍රී ලාංකේය ඉස්ලාම් බැතිමතුන් හජ් දිනය සමරන්නේ අතිශයින් ම අභියෝගාත්මක කාල සමයක දී ය.අවාසනාවේ සහ අභාග්‍ය සම්පන්න බවේ අන්ධකාරය නිමාවී, වාසනාව සහ භාග්‍යය උදාවේවා යන ඒකායන ප්‍රාර්ථනය මේ හජ් දිනයේදී ප්‍රාර්ථනා කිරීමට අදිටන් කරගනිමු.
විශේෂයෙන්ම හජ් දිනය, ලොව පුරා සිටින ඉස්ලාම් බැතිමතුන් එක් වී ලෝක සාමය වෙනුවෙන් ආගමික වතාවත් ඉටුකරන ජාත්‍යන්තර සමුළුවක් වශයෙන් ද සැලකිය හැකිය.
චිරාත් කාලයක් තිස්සේ ඉස්ලාම් ජනතාව සෑම දිනකම පස් වතාවක් මුහුණලා යාඥා කරන දිශාවේ පිහිටි ශුද්ධ වූ මක්කම නගරයට පිවිස ලෝක සාමය සහ සහෝදරත්වය උදෙසා ස්වකීය උත්තරීතර කැපවීම පෙරදැරිව යහපත් වූ හෙටක් වෙනුවෙන් ඔබට සුභාශිංසන ගෙන එමි.සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක