අබු හින් යන්නෙන් විමර්ශන වලින් අනාවරණය වන්නේ අබු සලේද ? එහෙමත් නැතිනම් අබු රාජපක්ෂද ? යන ප්‍රශ්නය නිරෝෂන් පෙරේරා මහතා අද (21) පාර්ලිමේන්තුව අමතමින් ප්‍රශ්නයට නැගීය.

විමර්ශන වාර්තා වලින් අනාවරණය වන සහරාන්ට පවා උපදෙස් දුන් අබුහින් නැමැත්තෙක් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති බවත් මෙම පුද්ගලයා පිළිබඳව නිශ්චිතව අනාවරණය කර ගැනීමට ඉන්දීය රජයෙන් සහ ඉල්ලූ බවත් අබු හින් යනුවෙන් හඳුන්වන්නේ රාජ්‍ය බුද්ධි අංශයට සම්බන්ධ නිලධාරියෙකු හෝ මෙම කුමන්ත්‍රණය සැලසුම් කල ඉහල දේශපාලඥයෙක් විය හැකි බවත් නිරෝෂන් පෙරේරා මහතා ප්‍රශ්නයට නැගීය.

මෙම කුමන්ත්‍රණය පිලිබදව විමර්ශන කටයුතු කල නිලදාරීන් බොහොමයකට ස්තානමරුවීම් ලබාදී ඇති බවත් ඇතැම් නිලදාරීන් ජිවිතක්ෂයට පවා පත්ව ඇති බවත් එතුමා පැවසීය.

අද පාර්ලිමේන්තුවේදී විවාද කරන්නේ channel 4 නාළිකාවෙන් හෙළිදරව් කළ තොරතුරු පමණක් නොවන බවත් දීර්ඝ කාලයක් තුළ විටින් විට මෙම කුමන්ත්‍රණය හෙළිදරව් වූ කරුණු පිළිබඳව සාකච්ඡා කිරිමට චැනල් ෆෝ නාලිකාව හරහා අවස්ථාවක් නිර්මාණය වූ බව එතුමා පැවසීය.

හිටපු නීතිපතිවරයාද විශ්‍රාම යෑමට පෙර මෙම ප්‍රහාරය විශාල දේශපාලන කුමන්ත්‍රණයක් බව ප්‍රකාශ කළ බව එතුමා පැවසීය.