අපේ ගමන් බලපත්‍රය ලෝකය ඉදිරියේ ගණන් ගන්නේ නැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකර් මහතා පවසනවා.

ඒ වීමට රට තුළ පවතින හැසිරීම හේතු වී තිබෙනබව ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළා.

ඔහු මේ අදහස් පළකර සිටියේ ඊයේ (29) විපක්ෂ නායක කාර්යාලයේදී පවතී මාධ්‍ය හමුවක් අමතමින්.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ උගත් පිරිස විදේශ ගත වීම සඳහා පෝලිමේ සිටින බවයි.

එමෙන්ම කළකිරීමට පත්ව රට අතහැර නොයන මෙන් ඔහු රටේ තරුණ ප්‍රජාවෙන් ඉල්ලීමක්ද සිදු කළා