මෙම වසර තුල අනිතිකව තෙවන වතාවටත් ඉහල දැමූ විදුලි ගාස්තු වලට එරේහිව සතර දෙසින් ජනතාව මහ මගට බස විරෝධතා දැක්වීම දක්නට ලැබූ අතර උතුරු කොළඹ ආසනයේ සංවිධායක සී.වයි.පී. රාම් මැතිතුමා විසින් සංවිධානය කරනු ලබන විරෝධතා ව්‍යාපාරය ඊයේ 2023-11-01 බදාදා දින ප.ව. 07.00 ට කොටහේන හංදියේදි පවත්වන ලදි.

විදුලි බිලට එරෙහිව නුවරඑළියත් මහ මඟට

නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගයේ සම ආසන සංවිධායක දිනේෂ් ගීගනගේ මහතා විසින් ඊයේ (1) සවස නුවරඑළිය නගරයේ දී රජය විසින් අනීතිකව තෙවැනි වතාවටත් වැඩි කරන ලද විදුලි බිලට විරෝධය පාමීන් සාමකාමී පන්දම් විරෝධතාවක් සංවිධානය කරන ලදී. ඒ සඳහා නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාව විශාල ප්‍රමාණයක් එක්ව සිටියේය.

අනීතික විදුලි බිලට එරෙහිව යාපනයේ ජනතාවත් මහ මඟට

රජය විසින් අනීතිකව තෙවැනි වතාවටත් විදුලි බිල වැඩි කිරීමට එරෙහිව යාපනය දිස්ත්‍රික්කයේ කන්කසන්තුරේ ඡන්ද දායකයන් විසින් වී.ප්‍රභාකරන් මහතාගේ මූලිකත්වයෙන් කිරිමලෙයි සිවන් පන්සල අසල ඊයේ (1) රාත්‍රී 7ට පමණ සාමකාමී පන්දන් විරෝධතාවක නිරත විය. ඒ සඳහා එම ප්‍රදේශයේ ජනතාව විශාල ප්‍රමාණයක් එක්ව සිටියේය.